ලලිත් චාමින්ද –
හික්කඩුව පන්නන්ගොඩ වෙරළ තිරයට ගොඩගසා තිබු මියගිය නිල්තල් මසකුගේ සිරුරේ කොටස් පරික්ෂණ කටයුතු සදහා අත්තිඩිය පංශු වෛද්‍ය ඒකකය වෙත යොමුකළ බැවි හික්කඩුව වනජිවි කාර්යාලය පවසයි.
මිටර් 13කින් දිගින් යුතු මෙකි නිල්තල්මසා ඊයේ (06) හික්කඩුව වෙරළ තිරයට ගොඩගසා තිබුණි.
දැඩි ආරක්ෂිත සත්වයෙකු වන නිල්තල්මසාගේ සිරුර දැඩිලෙස නරක්වි තිබු බවද හික්කඩුව වනජිවි කාර්යාලය පවසයි. නිල් තල්මස් සිරුර හික්කඩුව නගර සභාවේ සහයෝගය ඇතිව වළදැමිමට කටයුතු කළ බවද හික්කඩුව වනජිවි කාර්යාලය පවසයි.







