ලලිත් චාමින්ද –
පොසොන් පෝය යෙදි තිබු ඊයේ (03) දින පිටිගල ඹබරවාන ඇල්ල අසල මඩුවක බුරුවා ගසමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් පිටිගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන අත්තේ ගොඩඅමුණ, ඹබරවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් 05 දෙනෙකි. පොලිසිය විසින් මෙම බුරුවා පිටිය වටලන අවස්ථාවේ 25 දෙනෙකු පමණ පිරිසක් මුදලට බුරුවා ගසමින් සිට ඇති අතර අනික් පිරිස පලාගොස් ඇත.
සැම පෝය දිනකම මොවුන් සංවිධානය වි බුරුවා ගැසිමේ නිරතව ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. බුරුවා ගැසිම සඳහා භාවිතා කරණු ලැබු තාවකාලික මඩුවද පොලිසිය විසින් ගිනි තබා විනාශ කොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන් මෙම මස 08 වැනිදින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
පිටිගල පොලිස් ස්ථානාධිපති අනුර පුෂ්පකුමාර, උප පොලිස් පරික්ෂක පිටිගල ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් බුරුවා පිටිය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.







