මීරිගම දුම්රිය ස්ථානාධිපති ඇතුළු කාර්ය මණඩලය සහ දුම්රිය මගී සංගමය විසින් සංවිධානය කරන පොසොන් බැති ගී ප්‍රසංගයක් අද (04) සවස 7 ට මීරිගම දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්වේ.
දුම්රිය මගී සංගමයේ සහ මීරිගම දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේ ආරාධනාව මත මෙම පොසොන් බැති ගී ගායනා කරනු ලබන්නේ මීරිගම හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු ශික්ෂණලාභීන් විසිනි.
දුම්රිය මගී සංගමය මෙන්ම ප්‍රදේශයේ දුම්රියට හිතැති ව්‍යාපාරික ප්‍රජාවත් මෙම ප්‍රසංගය පැවැත්වීම සඳහා දායකත්වය දක්වති.
සවස 7 සිට රාත්‍රී 09 තෙක් පැවැත්වෙන මෙම බැති ගී ප්‍රසංගයට සමගාමීව ධර්මානුශාසනාවක් සහ සුප් දන්සලක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.