බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල් හිඟය ඇතිකරන වී තොග රැස් කරන්නන්ගේ කුපාඩිකම කුඩා වී මෝල් හිමියෝ රටට කියති!

by editor
නොවැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • 100ට ගත්තු වී කිලෝව 150ට වඩා වැඩි මිලට විකුණගන්න වී හංගන අතරමැදි තොග ගබඩා කරුවන් නිසා කුඩා මෝල්වලින් සියයට 90ක් වැහිලා…

  • රටේ ඇතිවුන ආපදා තත්ත්වය නිසා වී නිකුත් කිරීම තවත් අඩුවන ලකුණු… රජය මැදිහත් නොවුනොත් තත්ත්වය මාෆියාකරුවන් අතට… 

අතරමැදි වී තොග ගබඩාකරුවන් වී කිලෝවක් රුපියල් 150කට වඩා වැඩි මිලකට විකුණා ගැනීමේ අභිලාෂයෙන් වී නිකුත් කිරීම මුළුමනින්ම නවතා දමා ඇති නිසා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්වලින් සියයට 90ක් වැසී ඇති බව මරදගහමුල තොග සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති කේ.පි.රන්ජිත් ලංකාසරට අනාවරණය කළේය.

ඔහු ප්‍රකාශ කළේ නොවැම්බර් මාසය තුළ වී මෝල් අති බහුතරයක් ක්‍රියාත්මක නොවූ බවත් හේතුව අතරමැදි වී තොග ගබඩා කරුවන් වී නිකුත් නොකිරීම බවත්ය.

මේ තත්ත්වය ඉදිරියේ දි තවත් තීව්‍ර වනු ඇති බව පවසන සභාපතිවරයා නිර්මාණය වූ ආපදා තත්ත්වය තුළ මහ කන්නයේ අස්වැන්න ප්‍රමාදවීම පිළිබඳ තක්සේරුව ද සමග වී තොග රැස් කරන්නන් සිය තොග සඟවා තබා ගැනීමට වැඩි පෙළඹුමක් සහිතව කටයුතු කරනු ඇති බවය. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ලංකාසරට අදහස් දක්වමින් මරදගහමුල තොග සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති කේ.පි.රන්ජිත් පැවසුවේ මෙවැන්නකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“වී තොග රැස් කරන්නන් වෙළෙඳපලට වී නිකුත් වෙන්නේ නෑ. මගේ මෝලේ විසි හත් දෙනෙක් වැඩ කරනවා. දවසකට වී කිලෝ පනස් දාහක වැඩ අපි කරනවා. අපි මේ මාසෙට දවස් දෙකයි වැඩ කළේ. අපි ගාව දැන් වී ඇටයක් වත් නෑ. අපි හැමදාම වෙළෙඳපළෙන් අරන් වැඩ කරන්නේ. ජනවාරි අන්තිම වෙනකම් මෝළ වහලා තියෙන්න තීන්දු කළා. ” සභාපතිවරයා පැවසුවේය. ඔහු කියන්නේ අතරමැදි තොග රැස් කරන්නන් මේ වනවිට රටම දැඩි පීඩාවට පත් කර ඇති ආකාරයයි.

“ගොවියා සතුවත් වී නෑ. එක්කො මහා පරිමාණ මෝල්වල ගබඩා ඇතුළේ. නැතිනම් වී එකතු කරන මිනිස්සුන්ගෙ ගබඩාවල. තොග එකතු කරන්නන් වී තොග හංගන් ඉන්නවා. මේ වෙනකොට වී කිලෝවක් රුපියල් 144යි උපරිම මිල. තොග රැස් කරන්නන් වී කිලෝ එක රුපියල් 150 පනිනකම් බලන් ඉන්නවා. වී හිඟය ඇති වෙලා තියෙන්නේ මෙහෙමයි. වී වෙළෙඳපලට නිකුත් වෙන්නේ නැති තත්ත්වය තුළ රටේ කුඩා මෝල් ඔක්කොම වාගේ වැහිලා තියෙන්නේ. දැනට වැඩ කරන් යන්නේ මහා පරිමාණ මෝල් කීපයක් විතරයි. ” සහල් නිශ්පාදනයේ තත්ත්වය ගැන ඔහු පැවසුවේය. මේ ඇති වූ ස්වභාවික ව්‍යසනයත් සමග රටේ වී වගාවෙන් හතරෙන් තුනක් සපයන නැගෙනහිර පළාතේ අම්පාර,  මඩකලපුව, දිස්ත්‍රික්කත් උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයත්, උතුරුමැද පළාතේ අනුරාධපුර පොලොන්නරු දිස්ත්‍රික්ක ආවරණයවන මහවැලි කලාපයත්,  දකුණේ ගාල්ල මාතර දිස්ත්‍රික්කත් කේන්ද්‍රකරගත් ගොවි බිම්වලට සිදුවූ බිහිසුණු ව්‍යසනය නිසා මහ කන්නයේ අස්වැන්න අඩුම තරමින් මාස දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වීම සමග ඇතිවන අර්බුදයේ ජඩ ලාභයක් ලැබීමට අතරමැදි තොග එකතු කරන්නන් දියත් කර ඇති සැලසුම ද කේ.පී රන්ජිත් හෙළි කළේය.

“මේ මාසේ මුල් සති කීපයේ වී පොඩ්ඩක් හරි වෙළෙඳපලට ආවා. දැන් මේ මිනිස්සු වී විකුණන්නෙම නෑ. ඉදිරියේ දී ඇතිවන සහල් හිඟයට ආණ්ඩුව මැදිහත් වුනේ නැතිනම් හාල් කිලෝ එක රුපියල් 300කටවත් ගන්න ලැබෙන්නේ නෑ. හේතුව ස්වභාවික විපත නිසා කන්නය තව පස්සට යනවා. ජනවාරි මැද වෙද්දි එන්න තිබුණ අස්වැන්න එනකොට පෙබරවාරිත් පහුවේවි. වී තියන මිනිස්සු ඒක දන්නවා. ඒ මිනිස්සු හිතූ හිතූ මිල කියාගෙන වී නොදී ඉන්නවා.”

මේ වනවිට රටේ සුපිරි වෙළෙඳසල් ජාලයන්හි සහල් නැත. හේතුව පාලන මිලට සහල් විකිණීම පිළිබඳ සාධකය නොවේ. මේ අර්බුදය අවස්ථාවේ දී ගැටලුව වතත් උග්‍ර කරන ආකාරයෙන් පාලන මිල සම්බන්ධ වැටලීම් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියත් කටයුතු කරන්නේ නැත.

හාල් හිඟයට හේතුව වී තොග රැස් කරන්නන් වී දෙන්නෙ නැති එක විතරයි. එතකොට සහල් නිශ්පාදනයක් නෑ. මහමෝල් හිමියන් පාලනයකට යටත්ව තමයි වී තොග මුදා හරමින් සහල් කර වෙළෙඳපලට නිකුත් කරන්නේ. ඒ හැරෙන්න වී තොග රැස් කරන අය වෙළෙඳපලට වී නිකුත් කරන්නේ .”  ඔහු අපට මහ පොළොවේ යථාර්ථය පවසන්නේය. රජයේ මැදිහත්වීම අනිවාර්ය වන්නේ මේ තත්ත්වය තුළ බව ඔවුන් පෙන්වා දෙන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නින්දවූර් ඛේදවාචකය… ගංවතුරේ අතුරුදහන් වූ සිසුවාගේ මළ සිරුරත් සොයා ගනී… රටේ මරණ 17යි…

Next Post

ගොවිබිම් අක්කර තුන් ලක්ෂ අනූ දාහක් විනාශයි… වන්දි ගෙවීමට රුපියල් බිලියනයක් වෙන් වෙයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.