මනම්පිටිය නිමල් ජයරත්න –
-
මහා පරිමාන මෝල් හිමියන් වී කිලෝව ගන්නෙ රුපියල් 95ට… අවුරුද්දට හාල් කිලෝව 300 පනීවි….
මේ වසරේ අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා මිල ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
අද (06) සවස පොලොන්නරුව ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ පවතින පොහොර අර්බුදය හමුවේ ප්‍රමාණවත් පරිදි වී තොග සහල් නිෂ්පාදකයින්ට නොලැබීමත්,දැනට මහා පරිමාණ වී හා සහල් මෝල් හිමිකරුවන් සතුව තිබෙන වී තොග මෙන්ම සහල් තොග එම කාලයේදී වෙළඳපොළට අධික මිල ගණන් යටතේ දහස් කිරීමට කටයුතු කරනු ඇති බවත්යි.
තවද මෙම තත්ත්වය මත එළඹැඹෙන මාසයේදී රට තුළ සහල් හිඟයක් මතුව ඇති බව ද මුදිත් පෙරේරා මහතා අනතුරු ඇඟවීය.
ඉදිරි කාලයේදී රට තුළ සහල් පෝලිම් දැකගත හැකි බව ද සඳහන් කළ මුදිත් පෙරේරා පොහොර අර්බුදය හමුවේ මහ කන්නයේ දී අඩු වන වී අස්වැන්න පිළිබඳ වහාම ගණනය කොට ආරක්ෂිත සහල් තොග ආහාර දෙපාර්තමේන්තුව තබාගන්නා ලෙසද රජයට යෝජනා කළේය.
මෙම වසර තුළ සහල් මෙට්‍රික් ටොන් 8 ක් හෝ 10 ආනයනය කිරීමට රජයට සිදුවනු ඇති බවත් , මෙම තත්ත්වයට ඩොලර් අර්බුදය බල පෑවොත් රටේ ජනතාව උග්‍ර ආහාර හිඟයකට මුහුණ පානු ඇති බව ද මුදිති පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
වී කිලෝවක් සඳහා රජය රුපියල් 75ක ක මුදලක් ගොවියාට ලබාදෙන බවට ප්‍රකාශ කළද පවතින තත්ත්වය මත එවැනි මිලකට රජය ගොවියාගෙන් වී මිලදී නොගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අද වෙන විට පෞද්ගලික අංශයෙන් රුපියල් 95 ක මිලකට වී මිලදී ගැනීම සහ ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබීම හේතුවෙන් තවදුරටත් එම මිල ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය තුළ වී කිලෝවක මිල පෞද්ගලික අංශය විසින් රුපියල් එකසිය විස්සක් දක්වා ඉහළ නංවනු ඇති බවද ඔහු පැවසීය,
දැනට වෙළෙඳපොළේ රුපියල් 165 ත් 170 කටත් පවතින නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 20 ත් 25 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ද මුදිත් පෙරේරා මහතා කීය,