වන් කන්ට්‍රි වන් ලෝ නොව වල් කන්ට්‍රි වල් ලෝ ලෙස වර්තමාන රජය රටත් නීතියත් වළපල්ලට ඇද දමා තිබෙන බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් අබේරත්න මහතා පවසයි.
කුසට අහරක් නො වැටෙන වාරයක් පාසා රටේ ජනතාවගේ බුද්ධිය අවදි වන බව පැහැදිලිව දක්නට ඇති බවත් ඒ ඔස්සේ වර්තමාන රාජ්‍ය පාලනය පිළිබඳ පැහැදිලි අවබෝධය ජනතාව වෙත ලැබෙමින් පවතින බවත් හෙතෙම කීය.
දැනට රටේ පවතින්නේ මාත්‍ය මණ්ඩලයක් නොව තනි පවුලක බලයක් පමණක් බවත් මස්ත අමාත්‍ය මණ්ඩලය ම බේබි හාමුගේ නිරෝධය පාලනයට නතුව තිබෙන බවත් කී ආචාර්ය උපුල් අබේරත්න මහතා මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාව දරුණු කඩාවැටීමකට ලක්ව තිබෙන බව ද එය ආර්ථික සමාජීය බිඳවැටීමක් සහ දේශපාලන වශයෙන් සමච්චලයට ලක් වීමක් බව ද කියා සිටියේය.
විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර වැනි දේශපාලන චරිත අද පවතින තත්ත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද අත්වැල් බැඳගත හැකි තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් ඔවුන් සිදුකරමින් පවතින්නේ රජයේ උවමනා එපාකම් පිරිමැසීමක් පමණක් බවත් කී ආචාර්යවරයා ඒ පිළිබඳ ජනතාවට අවබෝධ කරගත හැකි හොඳම නිදසුන ඊයෙ විමල් වීරවංශ ”කීවට කමක් නැද්ද” අසමින් අදහස් දැක්වීම බව ද කීය.
ජනාධිපතිවරණයට පෙර ජනතාව ඉදිරියේ වීරයෙකු සේ නැගී සිටි ගෝඨාභය රාජපක්ෂ චරිතය අද වන විට ජනතාවගේ හූ හඬට මැදිව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන චරිතයක් බවට පත්ව ඇති බවද හෙතෙම කීය.