රජයේ විගණන වාර්තා පදනම් කරගෙන සහ ස්වාධීන කොමිසමක් මගින් සිදුකළ විමර්ශනයකින් පසු ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක ම්ණඩලය විසුරවා හැර අර්ජුන රණතුංගගේ සභාපතිත්වරයෙන් යුතුව පත් කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බව හරීන් ප්‍රනාන්දු විසින් ට්විටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.
Today, I signed a gazette to revoke the decision appointing an interim committee for Sri Lanka Cricket, aiming to lift our ICC suspension. I've also written to the ICC, seeking their observations on the Auditor General's report on SLC, and to the AG dept for future actions.
— Harin Fernando (@fernandoharin) December 12, 2023
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බව ද හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් පණිවිඩයේ දක්වා ඇත.
එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා එම විගණන වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සිදුවන්නේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ෂම්මි සිල්වාගේ ඉල්ලීම මත බව ද සනාථ වී ඇත.