ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා කොමිස් මුදල් ලබාගත හැකි නමුත් සූර්ය සහ සුළං වැනි බලශක්ති ව්‍යාපෘති මඟින් කොමිස් ලබාගත නොහැකි බැවින් එවැනි ව්‍යාපෘතිවලට ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
පූනකරි වැවේ සිට කිලිනොච්චි නව ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව 100%ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියටද විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් විරෝධය දැක්වූ බවත් රට මෙවැනි තත්ත්වයකට පත්වීමට මෙවැනි විරෝධතාද හේතුවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ අමාත්‍යාංශයේ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (12) විවාදයට ගැනුණු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
පුනකරි ව්‍යාපෘතිය යටතේ වැවක් හදලා අක්කර 20,000ක් නැවත වගාවට යෙදවීමට අපට අවස්ථාව තිබෙනවා. ඕස්ටේලියාවේ යුනයිටඩ් සෝලා එනජි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බැටරි මත රඳා පවතින ආසියාවේ ලොකුම සුර්ය බළශක්ති පද්ධතියක් ශ්‍රී ලංකාවට ලැබි තිබෙන්නේ පළමු වතාවටයි. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. මේ අයට අවශ්‍ය ගල් අඟුරු. නැත්නම් තෙල්. ගල් අගුරු සහ තෙල් වලින් කොමිස් ලැබෙනවා. නමුත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ
මෙවැනි ව්‍යාපෘතිවලට එදා සිටම ඉංජිනේරුවන් පිරිසක් විරුද්ධ වුණා. අපි 2003 නොරොච්චෝලේ නතර කළා. මොකද එම ස්ථානය ඊට සුදුසු නැහැ. නමුත් ඔවුන්ට ඕන වුණේ නොරොච්චෝලේ හදන්න. ත්‍රිකුණාමලයේ හෝ වෙනත් ස්ථානයක එම බලාගාරය ඉදිකළා නම් මේ ප්‍රශ්න මතු වන්නේ නැහැ.
අනිත් කාරණය බොහෝ ආයෝජන සමාගම් මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 30ක්, 40ක් ඉල්ලා සිටිනවා. නමුත් අපේ නීතියට අනුව ලබාදීමට හැකියාව තිබෙන්නේ වසර 20ක් පමණයි. එම නිසා එම නීති සංශෝධනය කළයුතුව තිබෙනවා.
මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රට දියුණු කරන්න බැහැ. අප තවම මේ තත්ත්වයේ සිටින්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් මේවට විරුද්ධ වූ නිසා.
මේ ලිපියත් කියවන්න…
මේ රට ඔබේ අම්මගේ අප්පගේ බූදලයක් ද? සාගලයි ඇමතියි කරන හොරකම දන්නෙ නෑ වගේ ඉන්නවා…. අනුර ජනපතිට කියයි!