හරීන් ප්‍රනාන්දු ඇතුළු විසි දෙනෙකුට ආසන්න පිරිසක් සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම තීන්දුව සම්බන්ධව හරීන් ප්‍රනාන්දුගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ නායකත්වයේ අනම්‍ය ප්‍රතිපත්ති සමග කල් මරන සෑම තත්ත්පරයක් තුළම රට විනාශයට පත්වන බැවින් තමන් මෙම තීන්දුව ගත් බවය.
“අනෙක් අය ගැන මා දන්නේ නෑ. මා ස්වාධීන වෙනවා. මොකද අප ඉන්න මේ තත්ත්වය තුළ තව තත්පරයක්වත් අපතේ යවන්න බෑ. “
“අප දිගින් දිගටම කිව්වා මේ වෙලාවෙ වගකීම භාර ගන්න. ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම ව්‍යවස්ථානුකූලව පියවරින් පියවර කරමු කියලා. “
“ නමුත් ඊට කිසිම ප්‍රතිචාරයක් නෑ. මේ තියන තත්ත්වය අනුව තවදුරටත් ඉදිරියට යන්න බෑ. මා ස්වාධීන වෙනවා. තවත් පිරිසක් මේ මගම ගනී කියලා විශ්වාස කරනවා.“
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.