බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදාව පොලිසිය සිටිද්දීත් ගම්පහ දිවුලපිටිය  පිරවුම්හල්වල මැර කල්ලි රඟති..

by editor
ජූනි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ සහ  දිවුලපිටිය කොට්ඨාස දෙකේ ප්‍රධාන ඉන්ධන   පිරවුම්හල් කිපයක ක්‍රියාත්මකවන මැර කල්ලි කීපයක් සම්බන්ධව දිගින් දිගටම පැමිණිලි වාර්තාවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මෙම මැරකල්ලි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පොලිසිය සහ හමුදාව සිටියදී බවත්  මලිත්තගම බල්ලපාන  සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල, දූනගහ, මරදගමුල, දිවුලපිටිය, දෙවලපල, මිනුවන්ගොඩ සිපෙටිකෝ  ඉන්ධන පිරවුම්හල්වල මෙම   කල්ලි ක්‍රියාත්මක වන බව පාරිභෝගිකයින් පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ඉන්ධන ලැබෙන දින වකවානු ගැන දැන්ම්වත් වී  වසා ඇති ඉන්ධන පිරවුම්හල් තුළට ඇතුළු වී සිටින මෙම පිරිස් බූලි කෑන් තබාගෙන සිටින බවත් ඉන්ධන බවුසර පැමිණි වහාම මේ කණ්ඩායම් සිය බලය යොදවමින් තමන්ගේ වාහන සඳහා උපරිම ධාරිතාවයෙන් ඉන්ධන ලබාගෙන බූලි කෑන් වලටත් පුරවාගන්නා බවත් වාර්තා වේ.

මේ පිරිස් කිසිම අවස්ථාවක ඛණිජ තෙල් නීතිගතසංස්ථාව අනුදත් නිර්නායක ක්‍රියාත්මක නොකරන බව  පෙනී ගොස් ඇත.

එමෙන්ම සිය බලය යොදවා වෙනත් කණ්ඩායම් ද දින ගණන් පෝලිම්වල සිටින මිනිසුන්ට පිටින් පිරවුම්හල් තුළට ඇතුළු කරගෙන  ගැටුම් ඇති වූ අවස්ථා ගැන ද කියැවේ.  ආසන්නම සිදුවීම ඊයේ (17)  මලිත්තගම බල්ලපාන  සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හලින් වාර්තා වී ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

හමුදාව සහ පොලිසිය සිටිය දී මේ මැර කණ්ඩාය ක්‍රියාත්මක වී ඇති අතර ඊට එරෙහි වූ පිරිස් හා මේ කල්ලිය අතර ගැටුම මැඩ පැවැත්වීමට පොලිසිය සහ හමුදාව ක්‍රියාත්මක වී ඇත.

මේ අකටයුත්ත ගැන විමසූ විට ඉන්ධන පිරවුම්හල් හිමියා පවසා ඇත්තේ ඉන්ධන පිරවුම්හලත්, මුදල් මෙන්ම ඉන්ධනත් තමන්ගේ බැවින් තමන් කැමති ආකාරයට ඉන්ධන බෙදන බවය. ගමේ තමන් සමග සිටින පිරිස් වෙත ඉන්ධන ලබා දුන් පසු ඉතිරි අයට ලබා දීම තමන්ගේ ප්‍රතිපත්තිය බවය.

මේ පසුබිමේදී දින දෙකක් පොලිමේ සිටි සමහරු යතුරු පැදියට ඉන්ධන ලීටර දෙක්ක ලබා ගත නොහැකිව හැරී ගොස් ඇත. මේ සම්බන්ධව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසූ විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙවැනි සිදුවීම් අඛණ්ඩව වාර්තා වන බව පැවසුවේය.

මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් ගම්පහ දිස්ත්‍රික් බෙදා හැරීම් කළමනාකරුගෙන් ලබා ගන්නා  ලෙස පවසා ඔහු ලබා දුන් දුරකථන අංකයට අවස්ථා ගණනාවක දී ඇමතුවත් පිළිතුර නොලැබිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රී රෝද රථ රියදුරන් ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතවරු බලශක්ති ඇමති හමුවෙයි…

Next Post

නෙළුව පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මරුට… පොර බදනකොට වෙඩි වැදුන බව පොලිසිය කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.