වෘත්තීය ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා, බහාලුම් ප්‍රවාහන සේවා සහ වාණිජ ප්‍රවාහන සේවා ඇතුළු ප්‍රවාහන අංශ කිහිපයක් නියෝජිතයින්ට සමග බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (18) විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේය.
ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවක ඉහත ප්‍රවාහන අංශවලට අවම බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියක් විධිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ඉන්ධන සලාකන ක්‍රමයක් කඩිනමින් සකස් කරන බව ද අමාත්‍ය කාංචන විජේසේකර යළි අවධාරණය කර ඇති අතර එම ක්‍රමය ක්‍රියාත්මක වූ පසු අදාළ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ එකම ඉන්ධන පිරවුම්හලක ලියාපදිංචි කිරීම යෝජනා වී ඇත.
මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරමින් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්වී ඇත.