හමාස් දේශපාලන කාර්යාංශයේ නියෝජ්‍ය නායකවරයා ලෙස වර්ෂ 2017 සිට කටයුතු කළ ෂහීඩ් සාලේ අල්-අරෝරි ඊශ්‍රයාල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊයේ (02) සවස ජීවිතක්ෂයට පත් වූයේය.
හමාස් ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වූ ෂහීඩ් සාලේ අල්-අරෝරි යනු හමාස් හමුදා ශාඛාව මරාගෙන මැරෙන එසෙඩින් කසාම් බළඇණියේ නිර්මාතෘවරයෙකි.
ඔහු මරා දමන ප්‍රහාරය එල්ලවන්නේ ලෙබනනයේ බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ දී ය.
ෂහීඩ් සාලේ අල්-අරෝරි 1966 දී උපත ලබන්නේය. ඔහු බටහිර ඉවුරේ හෙබ්‍රොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාව සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ උපාධි ධරයෙකි.
1985 දී ඔහු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ඉස්ලාමීය ව්‍යාපාරයේ නායකයා බවට පත්විය. 1987 අවසානයේ හමාස් ව්‍යාපාරය පිහිටුවීමෙන් පසු, ෂහීඩ් සාලේ අල්-අරෝරි ද එයට සම්බන්ධ විය. 1991 සහ 1992 කාලය තුළ බටහිර ඉවුරේ හමාස් හමුදා ශාඛාව ආරම්භ කිරීමටත් ඔහු මුල් විය.
හමාස් සංවිධානයේ ක්‍රියාකාරිකයෙක් වීම හේතුවෙන් ඔහු අවස්ථා ගණනාවක ඊශ්‍රයාල අත් අඩංගුවට පත් වූයේය.







