ලලිත් චාමින්ද –
සිය දරුවා පාසලට ඇරලවා නිවස බලා යමින් සිටි අඹු සැමි යුවළකට අද (24) පෙරවරුවේ දි හබරාදුව හිනටිගල ප්රදේශයේ දි එල්ලවු වෙඩි ප්රහාරයකින් සැමියා මියගොස් බිරිය බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වික්රමසෙනරත් යාපාගේ ලක්ෂිත නුවන් කුමාර (38) නැමති හේන්ගෙදරවත්ත, තල්පේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
දරුවා පාසලට ඇරලවා නිවසා බලා එමින් සිටියදි ත්රි රෝද රථයේ පිටු පසින් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ලකොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
පිස්තෝලයකින් වෙඩි ප්රහාරය එල්ලකොට ඇති අතර වෙඩි ප්රහාරයත් සමග ත්රි රෝද රථය පෙරලි ඇත.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුරට වෙඩි උණ්ඩ 10ක් පමණ වැදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබේ. බිරිදගේ ගෙලට වෙඩි වැදි ඇති බව පොලිසිය පවසයි.
හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.







