ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී අලි පැටවෙකුට හිරිහැර කළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන දඩ නියම කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවී නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර ඇත.
එහිදී රු. 200,000/- දඩ මුදලක් ඔහුට නියම කර තිබේ.
TikTok හි පළ කරන ලද වීඩියෝවක් මගින් දර්ශනය වී තිබුණේ අලියකුට ඉතා ආසන්නව තම වාහනය පදවාගෙන ගොස් ප්‍රධාන විදුලි පහන් දල්වමින් නළා නාද කරමින් අලියෙකු පලවා හැරීමට හිරිහැර කරන බවකි.
මෙම මුළු සිද්ධියම පටිගත කරමින් මුදාහැර තිබූ ටික්ටොක් වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ එය සමාජ ජාලවල දැඩි විවේචනයට ලක්විය.







