දිනසේන රතුගමගේ –
යාපනයේ වඩමරච්චි නාගර්කෝවිල් මුහුදු තීරයට යළිත් වරක් හදුණාගත නොහැකි උපකරණයක් පාවී පැමිණ තිබේ.
පසුගිය සතියේ වඩමරච්චි උඩුතුරේ ප්‍රදේශයට විවිධ කොඩි වලින් සරසන ලද යාත්‍රාවක් පැමිණ තිබූ අතර මෙවර පැමිණ ඇත්තේ යාත්‍රාවක් නොවේ යැයි වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ධීවරයෝ ප්‍රකාශ කරති.
ඊයේ (01) මුහුදේ පාවෙමින් පැමිණ ඇති මෙම උපකරණය දිගින් අඩි 18 ක් හා පලලින් අඩි 11 ක් වන අතර ධීවරයින් පිරිසක් එය ගොඩට ඇදගෙන විත් තිබේ.
වඩමරච්චි ධීවරයන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර පරීක්ෂක නිලධාරීන්ට හා පොලීසියට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.







