සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හඳුනන්නේ නෑ කියූ ජාවාරම්කාර පෙම්වතා ගැන අහන්න ජැකලින් යළිත් ඉන්දීය මුල්‍ය විමර්ශනයට කැඳවයි

by Lanka Sara Editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය රුපියල් කෝටි 200 කට අධික කප්පම් සිද්ධියකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ඉන්දියාවේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක කාර්යාලය විසින් සුපිරි බොලිවුඩ් තරුවක් වන නිළි ජැකලින් ෆර්නැන්ඩස් දෙසැම්බර් 8 වැනිදා කැඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා ( 5) එම විමර්ශනය සම්බන්ධයෙන් අදාළ ආයතනය විසින් මුම්බායි ගුවන් තොටුපලේදී ජැකලින් රටින් පිටවීම නතර කරන ලදී.

ජැකලින් ඩුබායි බලා පියාසර කිරීමට සිටියදී දෙසැම්බර් 5 වැනිදා මුම්බායි ගුවන් තොටුපළේදී ඇයව රඳවාගෙන සිට ඇති අතර ඇයට එරෙහිව සෝදිසි නිවේදනයක් ද නිකුත් කර ඇත.

බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය යනු ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශයේ ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂිත මූල්‍ය විමර්ශන ආයතනයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය කෝටිපති ජාවාරම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට සැක කෙරෙන අතර ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගෙන ඇති බව වාර්තා වේ. ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක අශ්වයෙකු සහ පර්සියානු බළලුන් හතර දෙනෙකුට රුපියල් ලක්ෂ 9 බැගින් වූ ත්‍යාග අතර අනෙකුත් තෑගි ද ඇතුළත් විය.

අගෝස්තු මාසයේ සිට, නඩුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් කිහිප වතාවක්ම බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කැඳවා ඇත. ඇයට එල්ල වී තිබුණේ මුදල් විශුද්ධිකරණ චෝදනාව ය. කෙසේවෙතත් දැන් ඇය කරුණු සැඟවීමේ වරදට චෝදනා එල්ලවෙමින් ඇතැයි එරට වාර්තා පවසයි. ඇය ප්‍රශ්න කළ සෑම වරකදීම පවසා තිබුණේ ඔහු රසිකයෙක් ලෙස තමාට මල් චොකලට් ආදිය තෑගි කර එවා තිබූ බවත් ඔහු නාඳුනන බවත් ය. එසේවුවත් සුකේෂ් අත්අඩංගුවට ‍ගැනීමෙන් පසුව ජංගම දුරකතනය පරීක්ෂාවේදී දෙදෙනාගේ ඡායාරූප තිබීම නිසා විමර්ශකයන් ඇය පිළිබඳ අධීක්ෂණය කරමින් සිට ඇති බවට එරට වාර්තා පවසයි.

මෙතෙක් ජැකලින්ගේ වාසියට තිබූ මෙම චෝදනා දින කිහිපයකට පෙර ඇය සහ සුකේෂ් චන්ද්‍රසේකර්ගේ පින්තූර සමාජ මාධ්‍යවල මතු වූ විට සියලු දෙනාගේ අවධානය ජැකලින් වෙත යොමු විය. ඇය මෙතෙක් ඔහු නාඳුනන බව කළ ප්‍රතික්ෂේප කිරීම් සියල්ල ඉන්පසුව කනපිට හැරෙන්නට පටන්ගෙන ඇත. මෙතෙක් ජැකලින් වෙත චෝදනා නොකළ ඇගේ රසික රසිකාවියන් දැන් ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමට පටන්ගෙන ඇත.

සුකේෂ් වඩා කුප්‍රකටව ඇත්තේ කතාබහෙන් මිනිසුන් අල්ලා ගෙන තමාට අවශ්‍ය පරිදි මෙහෙවමින් වැඩ කරගන්නා අයෙක් ලෙසයි. ඔහුට ඕනෑම අයෙක් ලෙස පෙනී සිටිමින් විනාඩි 30ක් තුළ ඕනෑම අයකු තමා කෙරෙහි විශ්වාසය ඇතිවන අයකු ලෙස පරිවර්තනය කිරීමේ හැකියාවක් ඇති අයකු ලෙස ප්‍රකටය.

දැන් 32 හැවිරිදි විවාහකයකු වන සුකේෂ්, වයස අවුරුදු 17 සිට මිනිසුන් රවටා කප්පම් ගැනීම, වංචා කිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවෙකි. ඒ වයසේදීම ඔහු දුරකථනයෙන් රජයේ ඉහළ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් රවටා ගැනීමට පටන් ගත්තේය. 2007 දී, ඔහුට වයස අවුරුදු 18ක් වත් සම්පූර්ණ නොවූ විට, ඔහු ඉතා ඉහළ නිලධරයෙකු ලෙස පෙනී සිටිමින්, බැංගලෝර් සංවර්ධන අධිකාරියෙන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන මුවාවෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් රැවටීය. එහෙත්, ඔහු ඉක්මනින්ම නිරාවරණය විය. 2007 දී, ඔහු පළමු වරට බැංගලෝර්හි බැනර්ඝට්ටා පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස රාජ්‍ය නිලධාරීන්, ඉහළ පෙළේ නිලධාරීන්, දේශපාලකයන්, සුපිරි තරු බොහෝ ක්ෂේත්‍රයක ධනවතුන් විශාල පිරිසකගෙන් කප්පම් ගත් අයකු ලෙස සුකේෂ් ප්‍රකටය. සුකේෂ්ට දැනට ඉන්දීය අධිකරණවල නඩු 21ක් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන් අගමැති නොකී කතාව ආරක්ෂක ඇමති කියයි! – ඝාතනයට හේතුව උග්‍ර ආගම්වාදී පෙළඹවීමක්…  

Next Post

මල්වතු අස්ගිරි මහා නාහිමිවරු, කාදිනල් හිමි, ප්‍රියන්ත කුමාර ඝාතනය ගැන සංවේගය පල කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.