මෙරටට ආනයනය කිරීමේදී සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කිසිදු පරීක්ෂණයකට බඳුන් නොකෙරෙන බව බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. පවතින සිමෙන්ති හිගය මත ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ දිනවල සිමෙන්ති ගෙන්වන බවත් එහිදී ඔවුන් පහසුම සහ කෙටිම මාර්ගවලින් සිමෙන්ති ලබා ගන්නා බවත් පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස එන සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබඳව කිසිදු විමසීමක් සිදු නොවන බවත් එම සංගමය පවසයි.
නමුත් ජාතික ඉදිකිරීම් සංගමය අවධාරණය කරන්නේ මෙම සිමෙන්තිවල ගුණාත්මක තත්ත්වය ඒවා ගොඩබෑමට පෙර තත්ත්ව පරීක්ෂාවක් මඟින් සිදු කොට ඒ පිළිබඳ වාර්තාවක් පෙන්විය යුතු බවය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සිමෙන්ති කොට්ටවල තත්ත්ව පරීක්‍ෂා කළ බවට තහවුරු කරන ලේබල් මුද්‍රණය කර ඇති නමුත් ගොඩබෑමට පෙර සිමෙන්තිවල එවැනි තත්ත්ව පරීක්‍ෂා කිරීමක් අප අසා නැත.ප්‍රමිතියෙන් තොර සිමෙන්ති මෙරටට ඇතුළු වුවහොත් සිදු විය හැකි හානිය පසුගිය කාලයේ සිදු වූ ගෘහස්ථ ගෑස් පිපිරීම්වලට වඩා විශාල වනු ඇතැයි ද ඔහු පැවසීය.