- පියා රඳවගන්න රැඳවුම් නියෝගයක් තිබෙනවද කියලවත් දන්නේ නෑ
- පියා බලන්න දෙන්න බෑ කියල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කීවා
- ගෙදර නැතිවෙලාවේ පොලිසිය ඇවිත් ගෙදර සීසීටීවී දත්ත පෙට්ටිය රැගෙන ගිහින්
- ‘ඕෂලට වැඩිය දඟලන්න එපා කියන්න‘ පියා අතේ බිරිඳට පණිවුඩයක්
බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ පල්ලියේ බෝම්බ සිදුවීම පිළිබඳව කිසිදු සම්බන්ධයක් නැති තම පියා මේ ආකාරයට අත්අඩංගුවට පත් කර රඳවාගෙන සිටින්නේ කාදිනල් හිමියන්ගේ කට වැසීමට මේ සිදුවීම පසුපස කතෝලිකයකු සිටින බවට කතාවක් සෑදීමට බවත් තම පියා එහි බිල්ලක ව ඇති ව තමන්ට සිතෙන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් දැනට පොලිස් රැඳවුමේ සිටින පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයාගේ පුත්‍රයා වන ප්‍රකට සමාජ ක්‍රියාකාරීකයකු වන ඕෂල හේරත් පවසයි.
චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඕෂල හේරත් තවදුරටත් සඳහන් කළේ වයස අවුරුදු 75ක් ඉක්මවා සිටින වෛද්‍යවරයකුව වන තම පියා මේ වනවිට රැගෙන ගොස් රඳවාගෙන සිටින්නේ උසාවියේ රැඳවුම් නියෝග මතද එසේ නැතිනම් වෙන ක්‍රමයකටද යන්න පවා තමන්ට දැන ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.
මේ සිදුවීමට තමන්ගේ පියාගේ කිසිදු සම්බන්ධයක් නැති බවට සියයට කෝටියක් විශ්වාස බවත් මේ සිදුවන්නේ පොලිසිය විසින් ලියන ලද පිටපතකට අනුව ජවනිකා පෙලගැස්වීමක් බවද ඔහු තවදුරටත් එහිදි සඳහන් කළේය.
“දැන් පොලිසිය කරන ප්‍රකාශවල යම් යම් පරස්පරයන් තිබෙනවා. ඔය බෝම්බය තැබූ බවට ප්‍රකාශ කළ බව කියන පුද්ගලයා අපේ පියාගේ ඩිස්පෙන්සරියේ වැඩ කළ කෙනෙක් කිව්වට කවදාවත් එහෙම කෙනෙක් වැඩ කළේ නෑ. මෙතන පරස්පරයන් තිබෙනවා.
අද අපට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මට පියාව හමුවෙන්න දෙන්න බෑ කීවා. මා සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බ ව කීවා. ඒ වගේම මගේ බිරිඳට අත්අඩංගුවේ ඉන්න පියා එතන හිටි පොලිස් නිලධාරියකුගේ දුරකථනයෙන් ඇමතුමක් දීලා තාත්තා අතින් කියලා තිබෙනවා ඕෂලටත් පරෙස්සම් වෙලා ඉන්න කියන්න කියල.
එදා පොලිසිය අපේ ගෙදරට ආවේ කැලැ හමුදාවක් වගේ.ඔවුන් කිසිම වරෙන්තුවක් නැතිව නිවස සෝදිසි කළා. මගේ ලැපටොප් සහෝදරියගේ ලැප්ටොප් පරීක්ෂා කළා. සෙල්ලම් තුවක්කු වගයක් අත්අඩංගුවට ගත්තා. පියා අත්අඩංගුවට ගන්න පොලිසිය පැමිණි වෙලාවේ ඔවුන් අපට උඩට යන්න කීවා. එක්තරා වෙලාවකදී මගේ බිරිඳටත් සහෝදරියටයි කියනවා දැන් පොලිසියට යන්න ඇඳ ගන්න කීවා. මට පහළටවත් එනන් දුන්නේ නෑ. පසුව මටත් පහළට එනන් දුන්නා. පියා අවශ්‍ය දේ පිළිගත්තා කීවා.
මේ සිදුවීම් අපේ නිවසේ සීසීටීවී එකේ සටහන් වෙලා තිබුණා. නමුත් පියා අරන් ගිහින් පසුවදාම මම නිවසෙ නැති වෙලාවක පොලිසිය ඇවිත් නිවසේ සේවකයකුට කියල සීසීටීවී එකේ දත්ත සහිත ඩීවීආර් එතක තිබෙන පෙට්ටිය කඩලා ඒක අරන් ගිහින්.
තම පියා ගේ වයස පිළිබඳව සැලකීමේදී සහ ඔහුට පවතින සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව සැලකීමේදී ඔහුගේ ජීවිතය පිළිබඳව දැඩි බියක් තමන්ට වතින බවත් මෙතෙක් තම නීතීඥයන්ටවත් පියා හමුවීමට අවස්ථාවක් ලබා දී නොමැති බවත් සඳහන් කළ ඕෂල හේරත් මෙයින් තමන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවද එහිදී ප්‍රකාශ කළේය.