‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ 76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත ව තිබේ.
තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් නිදහස් දින සමරු උළේලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත අතර තවත් තායිලන්ත දූත පිරිසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
තානාපතිවරුන් ඇතුළු තවත් සීමිත ආරාධිත අමුත්තන් පිරිසක ද නිදහස් දින සැමරුම් උළෙලට එක් වෙති.
සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීමට නියමිතය.
සැමරුම් පෙළපාලිය සඳහා ගුවන් යානා 19ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් එක්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සඳහන් කර තිබේ.
නිදහස් දින සැමරුම වෙනුවෙන් අද දිනයේ දී විශේෂ රථවාහන සැලැසුමක් ක්‍රියාත්මක වන අතර අද අලුයම 05.00 සිට පෙරවරු 9.00 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.