ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පොදු එකඟතාවයක් අද ඇතිකරගෙන තිබේ.
පොදු එකඟතා ආණ්ඩුව පිහිටුවීමට සහ එහි කටයුතු ඉදිරියට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය උපරිම සහයෝගය දැක්වීමට මෙහි දී එකඟතාවයකට පැමිණ ඇත.
ජනාධිපති මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, සාගර කාරියවසම් ප්‍රමුඛ පිරිසක් ද, පක්ෂ 11 නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව මේ අය පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කළ ද එම ආණ්ඩුවේ අගමැතිවරයා කවුද යන්න කිසිදු තීරණයකට පැමිණ නැත.
කෙසේ වෙත්ත මේ වනතුරු අන්තර්වාර පාලන ආණ්ඩුවක් ගැන අදහස් ඉදිරිපත් වුවද එවැනි ආණ්ඩුවක් සම්බන්ධව ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් නැතිබව නීති විශාරදයන් පෙන්වා දී තිබිනි. අපේ රටේ ව්‍යවස්ථාවෙන් දැක්වෙන්නේ බහුතර ආණ්ඩුවක් සහ ජාතික ආණ්ඩුවක් බැවින් මෙම ජාතික එකඟතා ආණ්ඩුව පොහෝට්ටුවේ බෙදී ගිය පක්ෂ යළි එක් කරගෙන ඉදිරි කාලය සඳහා පාලන බලය පවත්වාගන්නා ජාතික ආණ්ඩුවක් විය හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.