ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අනතුරු ඇඟවූ ආකාරයටම ඔවුන් විසින් ක්රියාත්මක කර ඇති වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ප්රදේශ ගණනාවකම බරපතල ඉන්ධන හිඟයක් ඇති වී තිබේ.
ඉන්ධන ප්රවාහන පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ලංකාසරට අද උදේ ප්රකාශ කළේ තම සේවාවේ යෙදී ඉන්නා කිසිම ඉන්ධන ප්රවාහන ටැංකි රථයක් සේවයට වාර්තා කර නැති බවය.
මේ වනවිට බොහෝ ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇතැයි රට වටින් එන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්ධන පවතින පිරවුම්හල් ආශ්රිතව දිගු පෝලිම් පවතින බව වාර්තා වෙමින් ඇත.
පවතින තත්වය හමුවේ ප්රවාහන ගාස්තුවල සියයට හැටක වැඩිවීමක් අපේක්ෂාවෙන් ටැංකි රථ හිමියෝ වර්ජනයේ නිරතව සිටිති. එම ඉල්ලීම් ප්රතිෂේප කළ බලශක්ති ඇමතිවරයා ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව නව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.