අමායා උඩුවැරැල්ල –
ජපාන හමුදා හෙලිකොප්ටර් යානා දෙකක්
පැසිෆික් සාගරයේ ඉසු දූපත් අසල සිදු කල පුහුණුවීම් අතරතුර අනතුරට පත්ව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ එනම් සෙනසුරාදා රාත්‍රියේ දී යි.
අනතුරින් හෙලිකොප්ටර් යානා දෙකෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු අතුරුදහන් ව ඇති බවට ජපාන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙන අතර අනතුරට මුහුණ දුන් එක් පුද්ගලයෙකු බේරාගෙන ඇති බව ද එහි සඳහන් වනවා.
ඊයේ රාත්‍රී 10:38 ට පමණ එක් හෙලිකොප්ටර් යානය ක් සමඟ තිබූ සන්නිවේදන සබඳතා ගිලිහී ගොස් තිබූ අතර ඉන් මිනිත්තු 25 කට පමණ දෙවන හෙලිකොප්ටර් යානය සමඟ ද සන්නිවේදන සබඳතාව ගිලිහී ගිය බව බලධාරීන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.