කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ ICC Elite Panel තරඟ තීරක රොෂාන් මහානාම කොවිඩ් එන්නත් කාඩ්පත් සම්බන්ධ ගැටලු විසඳන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
තමාට ශ්‍රී ලංකාවේදී පළමු කොවිඩ් එන්නත ලැබුණු බව ප්‍රකාශ කළ මහානාම කියා සිටියේ පවුලේ කටයුත්තක් හේතුවෙන් තමා එක්සත් රාජධානියේ සිටි බැවින් 2 වන සහ 3 වන එන්නත් මාත්‍රාවන් එක්සත් රාජධානියේදී ලබා ගත් බවය.
කෙසේ වෙතත්, 2022 පකිස්ථාන සුපර් ලීග් (PSL) තරඟාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පකිස්ථානයට ගමන් කරන අතරතුර, ශ්‍රී ලංකාවෙන් ලබා ගත් එන්නත් තුනම සහිත එන්නත් කාඩ්පතක් තමා සතුව නොමැති බැවින් ගුවන් යානයට ගොඩවීම සඳහා නිෂ්කාශන කටයුතු සිදු කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දුන් බව ඔහු ප්‍රකාශ කර තිබේ. .
රොෂාන් මහානාම නිකුත් කර ඇති නිවේදනයේ සිංහල අනුවාදය මෙසේය.
PSL 2022 තරඟාවලියේ විනිශ්චය කිරීමට පකිස්ථානයට යාමට පෙර මට බන්ණඩානායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු විය.
අනුමත එන්නත් මාත්‍රා 3ම ලබාගෙන තිබියදීත්, ගුවන් යානයට ගොඩවීම සඳහා නිශ්කාෂණ කටයතුවලදී බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නෙමි.
මම ශ්‍රී ලංකාවේදී මගේ පළමු එන්නත ලබා ගතිමි. මගේ 2 වන සහ 3 වන එන්නත් ලබා ගැනීමට කාලය එළඹෙන විට, පවුලේ වගකීම් කිහිපයක් හේතුවෙන් මම එක්සත් රාජධානියේ සිටියෙමි.
අපගේ එන්නත් නියමිත වේලාවට ලබා ගන්නා ලෙස එක්සත් ජාතීන් විසින් අපට උපදෙස් දුන් බැවින්, මම මගේ 2 වන සහ 3 වන එන්නත් ලබා ගත්තේ එක්සත් රාජධානියෙනි..
වගකීමෙන් සහ නියමිත වේලාවට එන්නත් ලබා ගැනීම මගේ සමාජ ජීවිතයේ අත්‍යාවශ්‍ය පැවැත්මට උපකාරයක් වූයේ නැත, මන්ද මා ශ්‍රී ලංකාවේ 2 වන සහ 3 වන එන්නත් ලබා නොගත් බැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධිකාරිය මට සම්පූර්ණ එන්නත් සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බැවිනි.
ජත්‍යාන්තරව සංචාරය කරමින් සිටින පුද්ගලයින් සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන්, අනුමත එන්නතක සම්පූර්ණ මාත්‍රාව ලබා ගැනීම අනිවාර්ය වේ.
මිනිසුන්ට අතාර්කකව දුෂ්කරතාවලට මුහුණ දීමට සහ අසරණ වීමට සිදු නොවන පරිදි අපගේ බලධාරීන් මෙවැනි ගැටලු අවම කිරීමට වඩා හොඳ පියවරක් ගත යුතු යැයි මම විශ්වාස කරමි.
මට අවශ්‍ය වන්නේ මේ පිළිබඳව දැනුවත් කිරීම පමණක් වන අතර ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් මෙම ගැටලු නුදුරු අනාගතයේ දීම නිවැරදි කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
https://t.co/FSbeQTnUNt pic.twitter.com/GHKFEswiXR
— Roshan Mahanama (@Rosh_Maha) February 10, 2022
https://fb.watch/b4gktplYNR/







