සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය බලධාරීන් නොදන්නා ෆයිසර් එන්නත් තොගය ගෙන්වා තිබෙන්නෙ ඇමරිකන් තානාපති කාර්යාලයෙන්…

ගෙන්වා ඇත්තේ කාර්ය මණ්ඩලයට නොව ප්‍රදානයක් ලෙස දෙන්න... ප්‍රදානය කාට කළාදැයි සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නෑ...

by editor
ජූලි 13, 2021
in පුවත්
Pfizer

සෞඛ්‍ය බලධාරීන් නොදන්නා බව කී ෆයිසර් එන්නත් තොගය කටුනායකින් ඊයේ අලුයම ගොඩබාන ආකාරය

Share on FacebookShare on Twitter

සෞඛ්‍ය බලධාරීන් විසින් රට තුළට පැමිණ ඇතැයි නොදන්නා බව කියන කිලෝ 115ක් බර ඇසුරුම් දෙකක පැමිණ ඇති ෆයිසර් එන්නත් තොගය ඇමරිකානු තානාපති කාර්යාලයේ නමට පැමිණ ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි.

ඩුබායි සිට ඊයේ (12) අළුයම 5.35ට කටුනායක වෙත පැමිණි යූ.එල්. 226 දරන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය ලංකාවට ගෙන්වා ඇත.

ඔවුන් තානාපති මුක්තිය යටතේ ගෙන්වා කටුනායක ගුවන් තොටුපලින් පිට කර ඇති මෙම එන්නත් තොගය පිළිබඳව කළ විමසීමක දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ ප්‍රකාශ කළේ ඇමරිකානු තානාපති කාර්යාලය එන්නත් ප්‍රමාණයක් ගෙන්වීමට අවසර ඉල්ලා තිබුණු බැවින් එම අවසරය ලබා දුන්නත් ඒවා ගෙන්වීමට අවසර ඉල්ලා තිබුණේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට නොව ප්‍රදානයක් ලෙස ලබා දීම සඳහා බවත්ය.

එහෙත් එම ප්‍රදානය ලබා දුන්නේ කවරෙකුටදැයි තමන් නොදන්නා බව අප කළ විමසීමක දී සභාපතිවරයා පැහැදිලි කළේය.

මේ පිළිබඳව ඖෂධ සංස්ථාවේ සභාපති දිනුෂ දසනායකගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ කිසිම ප්‍රදානයක් තමන් වෙත නිල වශයෙන් නොලැබුණු බවත් දැනට ඔවුන්ගේ තොග සඳහා අලුතින් එක් වී ඇත්තේ ඊයේ ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 26000 පමණක් බවත්ය.

Pfizer
ඇමරිකානු තානාපති කාර්යාලය ගෙන්වා තිබූ එන්නත් තොගය කටුනායකින් ගොඩබාන ආකාරය

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සමන් රත්නායක කීවේ තවමත් එවැනි ප්‍රදානයක් පිළිබඳව නොදන්නා බවය. තානාපති මුක්තිය යටතේ තානාපති කාර්යාලයකට එන්නත් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව කී ලේකම්වරයා මෙවැනි එන්නත් තොගයක් ලංකාවට පැමිණි බවට තමන් දැනුවත් වී නැති බව කීවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් ප්‍රකාශ කළේ ඊයේ ලැබුණු ෆයිසර් එන්නත් විසි හය දහසින් පිට වෙනත් කිසිම එන්නත් ප්‍රමාණයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නැති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ දැනුවත් පරිදි ලංකාවේ දැනට ෆයිස්ර් වැනි එන්නතක් විද්‍යානුකූලව ගබඩා කිරීමේ පහසුකම් ඇත්තේ ජාතික ලේ බැංකුවේ පමණක් බවය.

Pfizer
එන්නත් තොගය ගොඩබාන ආකාරය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිවේගයට බිලිවන තලංගම රම්සා තෙත්බිම් නඩුවේදී RDA වෙනුවෙන් පෙනී සිටිමට නීතිපති බෑ කියයි

Next Post

භාෂා පුහුණුව අතරේ හදිසියේ මිය ගිය හමුදා සෙබලා කොවිඩ් ආසාදිතයෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.