කොවිඩ් මර්දනය සදහා ලබා දෙන සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පළමු මාත්‍රාව ලබා දී සති 3ක් තුළ ලබාදිය යුතු බවට සදහන් කළද මේ වන තෙක් එය ජනතාවට ලබා දීමට සති 4ක කාලයක් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම බරපතල ප්‍රශ්නයක් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවිද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
සති 3දී දෙවන මාත්‍රාව ලබාදීමෙන් පසුව සති 4කදී කොවිඩ් වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩනැගෙන නමුත් මෙය තවත් සතියක් ප්‍රමාද කිරීමෙන් ප්‍රතිශක්තිය ගොඩනැගීම තවත් සතියකින් ප්‍රමාද වීම ජනතාවට සිදුවන අසාධාරණයක් යැයිද ආචාර්වයවරයා පෙන්වාදේ.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී එහි දෙවන මාත්‍රව සති 3න් ලබා දෙන ලෙස තමා පසුගිය මැයි මාසයේ සිට දැනුම් දුන් නමුත් මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍යංශය එය පිළිගෙන නොමැති බව ඔහු පෙන්වාදේ.
ඩෙල්ටා වයිරසය රටතුළ වේගයෙන් පැතිර යන මොහොතකදී හා සයිනොෆාම් එන්නත් විශාල වශයෙන් රටතුළට ගලාගෙන ඒමේදී හෝ ජනතාවට එය කඩිනමින් ලබා දීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැටලුවක් යැයිද ආචාර්යවරයා සදහන් කරයි.