අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා!

by editor
ජනවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රජිත් කීර්ති තෙන්නකෝන් –

පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය.

ක්‍රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට, වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බලධාරීන්ට යොමු කර ඇත. ලංකාවේ පිළිකා ශල්‍ය වෛද්‍යවරු 18 ක් වෙති. පුරප්පාඩු 5 ක් තිබේ. 2024 ට කිසිදු නව විශේෂඥවරයෙකු ලැයිස්තුවේ ද නැත. මහරගම, රාගම, කරාපිටිය, අනුරාධපුර, මහනුවර, රත්නපුර, බදුල්ල, කුරුණෑගල, මඩකලපුව හා යාපනයේ පිළිකා ශල්‍ය ඒකක ඇත. මහරගම 6 ක් සිටි නමුත්, දෙදෙනෙකු විදේශ ගතව ඇති බැවින් ඉන්නේ 4කි. කරාපිටියේ ක්‍රිෂාන්ත ද සමඟ තිදෙනෙකි. ලබන වසරේ වයස 63 පිරීම නිසා ඉන්නා 18 න්, තිදෙනෙකු විශ්‍රාම ගනී. එවිට, පිළිකා ශල්‍ය වෛද්‍ය හිඟය ලබන වසරේ දෝර ගලනු ඇත්තේ රෝගීන්ගේ ජීවිත විනාශ කරමිනි.

වෛද්‍ය ක්‍රිෂාන්ත රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට වැඩ වර්ජනයට පසු දින පහරදීම/තර්ජනය කිරීම ය. දැන් දොස්තර හිරේ ය. ලෙඩ්ඩු ප්‍රතිකාර නැතිව රෝහලේ ය. පහරදීම, බැන වැදීම ගැන වෛද්‍ය – රෝහල් සේවක දෙපැත්තට එකිනෙකාට චෝදනා කර ගනිති.

වෛද්‍ය ක්‍රිෂාන්තගේ කුකුල් කේන්තිය මම ඇස්දෙකින්ම දැක්කේ කරාපිටියේ ඔහුගේ කාරය නවතන තැන, රියදුරෙකු විසින් විනාඩි දෙකකට අවහිර කිරීම නිසා නැටූ නෙයියාඩගම නිසාය. සිද්ධිය මෙසේය.

2019 ජූනි මාසයේ දවසක, කරාපිටිය රෝහලේ, රුපියල් කෝටි 35 ක් වැයකර ගෙනා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රයක් වසර 4 ක් සවිකිරීමකින් තොරව තිබෙන තිබෙන බව ආණ්ඩුකාරවරයාට වාර්තා විය. එම උදේ වැඩ ටික ඉවර කර කරාපිටියට ගියෙමි. පරිපාලන ප්‍රශ්න විසදන්නට උත්සහ කළෙමි. ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාව ලබා ගැනීම අත්‍යශ්‍ය බව කී විට එයට අදාල බලධාරීන් කැඳවීමි. කරාපිටිය රෝහල පළාත් සභාවට අදාල නොවන නමුත්, එහි ප්‍රතිකාර ලබන රෝගීන් රැක ගැනීමට මාගේ වගකීම විය. (මාස 2 ක් වැඩේ කෙරුණා. දැන් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ එම යන්ත්‍රයෙනි.)

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කරාපිටියේ උදේ වරුවට පයින් මිස වාහනවලින් ගමන් බැරිය. අපි පිළිකා වාට්ටුව පැත්තට යන විට එතන ගෝරියකි. වෛද්‍ය ක්‍රිෂාන්ත රියදුරන් පිරිසකට බැණ වදී. හේතුව තමන්ගේ වාහනය අවහිර කිරීම ය. මට ඇති වූ හැඟීම මේ මොන පිස්සු දොස්තරයෙක් ද යන්නය!

විදුලිය ලබා දී, කෝටි 15 ක ගොඩනැගිල්ලේ සවි කිරීම වේගවත් වන විට මේ යන්ත්‍රයෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නේ පිළිකා වාට්ටුවය. දින කිහිපයකට පසුව, ගාල්ලේ හිතවතෙක්, මට ‘පිළිකා වාට්ටුවේ දොස්තර මහත්තයා‘‘ හදුන්වා දුන්නේය. ඒ අර, මගේ ඔළුවේ සිටි පිස්සු දොස්තර ක්‍රිෂාන්තය! ස්කෑනරයේ සවිකිරීම් වේගවත්ව සිදුවන විට ඔහු සිටියේ අයිස් පලමක් ලැබුණු කුඩා දරුවෙකුටත් වඩා සතුටකිනි. තම අවශ්‍යතා ගැන පුළුල් දැනුමක් ද, රෝගීන් ගැන අපමණ දයාවක් ද ඇති මේ සරළ මිනිසා සැබෑ ජීවකයෙකි. කරාපිටියට අවශ්‍ය බොහෝ දෑ කොක්කෙන් හෝ කෙක්කෙන් ලැබුණි.

“ඔච්චර කෙන්ති යන්නේ ඇයි?”…

“මගේ තියෙන ලොකුම දුර්වලකම ඕක තමයි,” කියූ ක්‍රිෂාන්ත සිනාසුනේ නැත!

කරාපිටියේ 65 වාට්ටුව ඔහු දැරූ වෙහෙස, මුදල් සොයා ගත් ආකාරය මම දැක්කෙමි. එය රෝහලකට වඩා හෝටලකයට සමානය. වෛද්‍ය ක්‍රිෂාන්ත ගේ අප්‍රතිහත උත්සාහය නිසාම තට්ටු 10 ක ගොඩනැගිල්ක් ඉදිරිවෙමින් ඇත. ඔහු ලෙඩ්ඩුන්ට දෙවියෙකි. සේවය දේව කාරිය කරගත්තෙකි. ඔහු තරම් පිළිකා ශල්‍යකර්ම සංඛ්‍යාවක් සිදු කරන තවත් අයෙකු නොමැති තරම් යැයි අසා ඇත්තෙමි. රාජකාරිය නම් දේවකාරියට එන විට සියල්ල දිව්‍ය ලෝකයේ මෙන් තිබිය යුතුයැයි ඔහු සිතන්නේය. එය නැති විට ඔහුට කුකුල් කේන්ති යන්නේය. ක්‍රිෂාන්ත ගෙන් කිසිම රෝගියෙකුට හොඳක් මිස වචනයකින් හෝ අගතියක් නම් වී නැත. අනවශ්‍ය දේ අහන කියන ඥාතීන්, අතරමැදියන් ද තමන්ගේ රස්සාව අතපසු කරන ඕනෑම තරාතිරමක සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඔහුට පෙන්නන්නට බැරිය. දැන් ඒ කුකුල් කෙන්තිය, ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ!

වෛද්‍ය ක්‍රිෂාන්ත කිසිම විටෙක පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දුන්නේ නැත. අසරණ රෝගීන්ට ප්‍රයිවට් චැනල් එන්නට දුන්නේ ද නැත. ලෙඩ අහන්නට, ප්‍රතිකාර කරන්නට සිය ජීවිතයට කැප කළේය. සමාජීය ජීවිතයේ දී අඩියක් ගහන ජොලි ගුඩ් මනුස්සයෙකි.

කොළඹ ලෙඩ්ඩු කරාපිටියට ගියේ ද, වැල්ලයායේ, ඇඹිලිපිටියේ මිනිස්සු පවා කරාපිටියට ගියේ ක්‍රිෂාන්තගෙන් ඉක්මනට ශල්‍යකර්මයක් කර ගන්නටය. තම රස්සාවෙන් අපමණ තෘප්තියට පත් වූ ඔහු, වැඩ වර්ජනය දිනයේ ද සේවය කළේය. සහාය කාර්ය මණ්ඩලය නැතුව ද සේවය කළේය. පිරී ඉතිරී ගිය වාට්ටුවේ පීඩනය පසුවදා මේ කුකුල් කේන්තිකාරයාගෙන් එළියට පැන ඇත.

සෞඛ්‍ය කේෂ්ත්‍ර යේ වෘත්තීය සමිති අතර ගැටුම, බෙදීම, කල්ලිවාදය තිස්තුන් කෝටියක් දෙවිවරුන්ටවත් විසඳිය හැකි දැයි මා දන්නේ නැත. ඉතා සුළු සිදුවීමක් ‘වෘත්තීය වෙනුවෙන්ම කැපවූ පිළිකා විශේෂඥයෙකු‘ රටට අවශ්‍යම මොහොතක රිමාන්ඩ් කර ඇත. ප්‍රයිවෙට් චැනලින් ඇති තරම් කළ හැකි ‘ප්‍රතිකාර කිරීම‘ ජීවන ආශාවම කර ගත් මිනිසෙකුට, හිරේ විලංගුවේ වැටෙමින් රාජ්‍ය සේවයේ ඉන්නවා වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ලිපිය බාර ගන්නේ නම්, එදා සිට රටටම ඉන්නේ පිළිකා ශල්‍ය වෛද්‍යවරුන් 17 කි. එවිට පුරප්පාඩු 6 කි. මේ වසර අවසන් වන විට රටටම ඉතිරි වන්නේ Oncology Surgery කරන්න පුළුවන් 14 කි. එවිට පුරප්පාඩු 9 කි. ක්‍රිෂාන්ත රාජ්‍ය සේවයෙන් ඉවත් වන්නේ නම්, එහි පාඩුව රටටමය. සැත්කම් කර ගන්නට පොරොත්තු ලේඛනයේ සිටින 700 කට වැඩි පිරිසකටය.

රාජ්‍ය සේවයේ පිරවිය නොහැකි හිස්තැන් ඇති වන්නේ නැතැයි කතාවක් තිබේ. ක්‍රිෂාන්ත නම් පිළිකා ශල්‍ය වෛද්‍යවරයා ගේ හිඩස පුරවන්නට ලංකාවේ නම් මිනිසෙකු නැත.

සිවිල් සමාජයේ දී සමථ මණ්ඩයෙන් එයා නොයා යුතු ප්‍රශ්නයකට සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති බල්ලන් – පූසන් මෙන් මරා ගැනිල්ල නිසා අවසානයේ අමාරුවේ වැටෙන්නේ රෝගීන්ම ය. අවසානයේ රට ය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා යෞවනයෝ සිම්බාබ්වේ පරදවා ජයග්‍රහණය වාර්තා කරති…

Next Post

ලෝක කුසලානයට තේරූ 19න් පහළ කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අපේක්ෂා බිඳ දමලා…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.