ශ්‍රියානි විජේසිංහ –
ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද (27) රැස්ව අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට දින තීරණය කිරීමට කටයුතු යොදා ඇත.
ආර්ථික යුුක්තිය ඉටු කිරිම සඳහා පසුගිය 19 සහ 20 යන දෙදින තුළ වැඩ වර්ජනයට සූදානම් වූ අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් මෙම ගැටලුව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට විසඳීම සඳහා දින දහයක කාලයක් (10) ඉල්ලා සිටි අතර එම අවස්ථාව ලබා දී වර්ජනය තාවකාලිකව නතර කළ බව සන්ධානය පවසා සිටියි.
හෙට (28) දිනය වන විට සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලුම් කර දින දහයක කාලසීමාව සම්පූර්ණ වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ වාර්තාවට අනුමැතිය ලබාදීම මුදල් අමාත්‍යාංශය තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බවද සන්ධානය පෙන්වාදේ.
දිවයිනපුරා සිටින සන්ධාන නායකයින් අද කොළඔට රැස්කරවා ඇති අතර අඛණ්ඩ වැඩ වර්ජනයට යාමට හෙට සවස 2.00 රැසිව දින තීරණය කිරිමට නියමිත බවද පැවසේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා වෘත්තීය සමිතියේ 72ක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෙම වැඩ වර්ජනයට සහභාගි වන බවද සන්ධානය පවසා සිටියි.