සිංගප්පූරු ධජය යටතේ ධාවනය වූ ඩාලි නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී විශාල අනතුරක් සිදුවන්නේ එය බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරාය දක්වා එමින් තිබිය දී බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
නාවික දත්ත අනුව, ඩාලි නෞකාව අනතුරට පැය භාගයකට පමණ පෙර එනම් අලුයම 1 ට පමණ කොළඹ වරයා වෙත ගමන් කිරිම සඳහා බැල්ටිමෝර් වරායෙන් පිටත් වී ඇත.
තවමත් අනුමාන නොකරන හේතුවක් මත නෞකාව සැතපුම් 1.6ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ I-695 හි කොටසෙහි වැදී පාලමම විනාශවන ආකාරය සම්බන්ධව වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ප්‍රචාරය වෙමින් ඇත.
VesselFinder හි ලැයිස්තුගත කිරීමකට අනුව මෙම කන්ටේනර් නෞකාව දිගින් අඩි 984 ක් පමණ වන අතර පළල අඩි 157 කි.
ඩාලිගේ හිමිකරු සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන ග්‍රේස් ඕෂන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර එහි කළමනාකරු සිංගප්පූරුවේ මූලස්ථානය වන සිනර්ජි මැරීන් ලෙස ලැයිස්තුගත කර තිබේ. දකුණු කොරියාවේ Hyundai Heavy Industries විසින් 2015 දී මෙම නෞකාව ඉදි කර ඇත.
නෞකාව ඩෙන්මාරක් නාවික සමාගමක්වන Maersk ආයතනය කාල සටහනකට අනුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා කුලියට ගෙන තිබේ.
මෙම බහාලුම් නෞකාව පාලමේ වැදීමත් සමග ගිනිගෙන විනාශවී ගිය බවත් පසුව ගිලී ගිය බව මුලින් වාර්තා වුවද එවැනි විනාශයක් සිදුවී නැති බව මේ වනවිට තහවුරු වී ඇත. කපිතාන්වරු දෙදෙනා සහ කාර්ය මණ්ඩලයත් අනතුරු රහිතව සුරක්ෂිත බවත් නෞකාව අවට ජලයේ ජල දූෂණයක් සිදුවී නැති බවත් නෞකා සමාගම වාර්තා කර ඇත.
කෙසේ වෙතත් නැවට විශාල හානියක් සිදුවී ඇති බව බව ද නැව් බඳ දෙදරා යෑමේ අවදානමක් ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.