සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස ඉපදුනු පිඹුර මූලික රෝහල වැසීයාමේ තර්ජනයක් මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමතිවරයාගේ චන්ද බලප්රදේශයන වන අගලවත්ත පිඹුර රෝහලේ මේ වන විටත් වෛද්‍ය සේවාවන් ගණනාවක්ම නතර කර දැමීමට සිදුව ඇති බව පසුගියදා පැවති කළමණාකරන කමිටුවේදී තීරණය වු බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.
රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයිද වාර්තාවේ.
රෝහලේ අනුමත කර ඇති හෙද නිලධාරීන්ගේ සංඛ්‍යවා 45ක් වුවද එයද ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ හෙදනිලධාරීන්ගෙන් 3 දෙනෙකු විදේශ රැකියාවන් සඳහා යොමු වී ඇති තර පසුගිය 9 වෙනිදා තවත් හෙද නිලධාරීනියන් 8 දෙනෙකු හෙද සොයුරු පාඨමාලාව සඳහා රෝහලෙන් නිදහස් කර ඇර තිබේ.
රෝහලේ වාට්ටු 5ක් ඇඳන් 5කින් යුතු සූක්ෂම ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 16න් යුතු මූලික ප්‍රතිකාර ඒකකයක් සහ තවත් සායන ගණනාවක් සහ බාහිර රෝගී අංශය පවත්වාගනෙ යාමට සිදුව ඇත්තේ හෙද නිලධාරීන් 33 දෙනෙකුගෙන් පමණක් බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත් සඳහන් වේ.
සති දෙකක තුළ හෙද හිඟයට පැහැදිලි විස්තරයක් ලබා දෙන තෙක් රෝහලේ ඇතැම් සේවාවන් සීමා කිරිමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.
මේ අනුව අවට රෝහල්වලින් මාරුකර එවන රෝගීන්ව භාර නොගැනීම, නාරි හා ප්‍රසව වාට්ටු තාවකාලිකව වසා දැමීම, ශල්‍ය වාට්ටුව රෝගීන් 10ට සීමා කිරීම, ළමා වාට්ටුව රෝගීන් 20ට සීමා කිරීම, දන්ත සායන හෙද නිලධාරින් තාවකාලිකව බාහිර රෝගී අංශයට අනුයුක්ත කිරිම, විශේෂ දන්ත ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නතර කිරිම, ශල්‍ය සායනය පවත්වගේන යාම තාවකාලිකව නතර කිරිම, ඇතුලු තීරණ රැසක් කළමණාකරන කමිටුවේදී තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.







