ලලිත් චාමින්ද
සෞඛ්‍ය අමාත්‍යංශය සතු වාහන 439ක් අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන කළමණාකරණය සම්බන්දයෙන් මිට වසර හතරකට පමණ පෙර ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව අමාත්‍යංශය සතු වාහන 679ක් අස්ථානගතවි ඇති බවට සඳහන්ව තිබුණි.
මින් වාහන 240ක් හදුනාගත් බැව් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රකාශ කළද එය තහවුරුකරගැනිම සඳහා ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
මෙකි විශේෂ විගණන වාර්තාව නිකුත්කොට වසර 04ක් ගතවි ඇතත් අස්ථානගත වි ඇති වාහන 439 පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකිවි ඇති බවද නව විගණන වාර්තාවේ සදහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන කළමණාකරණ පරිඝණක දත්ත පද්ධතියට අනුව 2023 මාර්තු මස 17 දිනට වාහන 1301ක් පිළිබද දත්ත ඇතුලත් කර තිබුණි.









