ශ්‍රියානි විජේසිංහ –
සෞඛය වෘත්තීකයන්ට යුක්තිය ඉටුකරලීම සදහාවන වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයට භාර දී ඇති බවත් එම වාර්තාවට සතියක් තුළ අනුමැතිය ලබා දීමට කටයුතු නොකරන්නේ නම් මාර්තු 19 වෙනිදා සිට දැනට නවතා දමා ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන වෘත්ති සමිති නායකයින් අද (7) කොළඹදී රැස්ව මෙම තීරණය ගත් බව සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේය.
නැවත වැඩ වර්ජනය ආරම්භ කළහොත් රෝහල් තුළ වෛද්‍ය සේවා හැරුණු කොට අන් සියලුම සේවාවන් බිද වැටීම වැලැක්විය නොහැකි බවද හෙතෙම පෙන්වාදේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයතුල නැවත වර්ජනයක් ඇති නොකර අවශ්‍ය කටයුතු වහාම සලසන මෙන් මුදල් අමාත්‍යංශයෙන් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය ඉල්ලා සිටියි.







