ශ්‍රියානි විජෙසිංහ –
විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවයට ඒමට කැමතිනම් වහාම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා කරන්නැයි නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය සදහන් කරයි.
මේ වන විට පුරප්පාඩු පවතින රෝහල්වල සේවය කිරිමට කැමතිනම් එවැනි වෛද්‍යවරුන්ට නවාතැන් පහසුකම් හෝ සැපයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි වෛද්‍ය විජේසූරිය අවධාරණය කරයි.
රෝහල්වල නිල නිවාසයන්හී ඉඩපහසුකම් නොමැති නම් කුලී පදනම මත හෝ නිවාස ලබා දීමට අමාත්‍යංශය කැමැත්ත පළ කර ඇති බව හෙතෙම පැවසුවේය.
විශේෂයෙන්ම මේ වන විට නිර්වින්ද වෛද්‍යවරුන්ගේ විශාල හිගයක් පවතින බැවින් විශ්‍රාමික නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට හැකි පමණ මේ සදහා වාර්තා කළ හැකිබවද වෛද්‍ය විජේසූරිය දන්වා සිටී.