කොළොන්න නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ මේ වනවිට විමර්ශන අංශ වෙත බරපතල සැකයක් මතු වී තිබේ.
මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ බවට වන සාධකය වූ මිරිස් කුඩු රියදුරු අසුන මැදටත් වැටී ඇති ආකාරයට විසිරී තිබීම, වාහනය සහ මුදල් අත්හැර ඔහු පමණක් රැගෙන යෑම, ඔහු විවිධ පුද්ගලයන් වෙත ලක්ෂ 70කට ආසන්න මුදල් ප්‍රමාණයක් ණය වී තිබීම යන කරුණු ඔස්සේ විමර්ශන අංශ සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
එසේ ණය වී ඇත්තේ ප්‍රදේශයේ අමු තේ දළු එකතු කර තේ කර්මාන්ත ශාලාවකට ලබා දෙන රැකියාව කරගෙන යන අතරතුරය. ඔහු මේ රැකියාව දශක දෙකක් තිස්සේ කරගෙන ගොස් ඇත.
මෙම ව්‍යාපාරිකයා අබිරහස් ලෙස අතුරුදහන් වී ඇති බව ඔහුගේ බිරිය විසින් පැමිණිලි කර තිබුණේ ඊයේ (17) දිනයේ දී ය. ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසියට ඔහු ගමන් කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය අසල තිබී සොයා ගත හැකි විය.
රියදුරු අසුනට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර බව පෙනෙන්නට තිබුණේ එසේ අත්හැර ගිය රථයේය.
ඔහු ඊයේ රුපියල් ලක්ෂ 10ක මුදලක් දෙණියායේ පෞද්ගලික බැංකුවකින් ලබාගෙන ඇති බව විමර්ශකයින් කියයි. ඉන් රුපියල් 240,000ක් වෙනත් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම්වලට බැර කර, තවත් රුපියල් 29,000ක් උකස් තැබූ රන් භාණ්ඩවල පොලිය ලෙස ගෙවා ඇති බව හෙළි වී තිබේ.
ප්‍රදේශවාසීන් ද එක්ව ඔහු පිළීබඳ තොරතුරක් සොයා ගැනීමේ මෙහෙයුමක නිරත වී ඇත.