ශ්‍රියානි විජේසිංහ –
අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21 දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527 ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි.
මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 කි. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙනි. එය අක්කර 14,667.75කි.
මේ අතර වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340කි. උඩවලවේ කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867කි.
මෙතෙක් අප රටේ ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ ගෙවීමට රජයට සිදුවී ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.