සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙවනගල වෛද්‍ය අධිකාරීවරයා සහ පවුලම ඝාතනයට ජල ටැංකියට වස මුසු කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20ක් සිර දඬුවමක්!

by editor
නොවැම්බර් 24, 2023
in පුවත්
jail
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර – 

වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍ය වරයා, බිරිය හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කළ එම රෝහලේම සාත්තු සේවකයෙකුට රුපියල් 20,000ක දඩයක් හා වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා  විසින් නියම කළේය. 

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ එවකට සෙවනගල රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කළ සෙවනගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නැමැති අයෙකුටය.

2012.02.03 වන දින එවකට සෙවනගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා වශයෙන් සේවය කල ජී.වී. චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයෙකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරිමට තැත් කර ඇති බවට අදාල වෛද්‍ය වරයා විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කල නිමල් රංජිත් නැමති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍ය වරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී පැවති මුලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වෛද්‍ය වරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවිම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නිතිපති වරයා විසින් අධි චෝදනා 04ක් යටතේ ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නඩු විභාගයේදී රජයේ රස පරීක්ෂක කේ.ඒ.පී.බී.පෙරේරා   සාක්ෂියට කැදවා තිබු අතර එහිදි ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුනේ එච්.සී.පී.ඒ. (2 මීතයිල් 4 ක්ලෝරෝෆිනොක්සි ඇසිඩ්) නැමැති වල් නාශකය අදාල ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි. 

එමෙන්ම වැඩි දුරටත් කොළඹ වෛද්‍ය පීඨයේ විෂවේදී අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන්ද අධිකරණය වර්තාවක් ලබා ගෙන තිබූ අතර ඒ  ඉන්ද අදාල වල් නාශකය පිළිබද හා එහි ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණි. 

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර සාත්තු සේවකයාට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය.

ඒ අනුව ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැලූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු වරයා චුදිතට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර එය වසර 10කින් සමගාමීව ගෙවී යායුතු බවටද බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.

මීට අමතරව අදාල චෝදනා සදහා රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

නීතිපති වරයා වෙනුවෙන් සෙවනගල පොලිසියේ පොලිස් සැරයන් (41742) ඇතුගල සමග රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

 අදාල නඩු තීන්දුව පසුගිය 21 වැනිදා ලබා දී ඇත. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ  හදිසි මිලදී ගැනීම් මුලුමනින්ම නවතී…

Next Post

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කරයි… පහත් බිම් යටවෙයි! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.