සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට…

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුරියවැව නුවන් ජයසේකර –

රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සූරියවැව පොලීස් නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි පහරකින් කොල්ල කරුවන් දෙදෙනා මියගොස් ඇති අතර පොලිස් නිළධාරී ගමන් ගත් ජීප් රථයද අසල ගසක වැදී අනතුරට ලක්ව ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.

පොලිසිය කියන්නේ කොල්ලකරුවන් විසින් වෙඩි තැබීම නිසා අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බවය.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන කඩවර පුතා නැමති අන්වර්ථනාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් හා ඔහුගේ ගෝලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලකරුවන් ගමන් ගත් යතුරුපැදිය සහ අනතුරට පත් ජිප් රථය

අද (17) දහවල් 1.30ට පමණ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කාන්තාවකගේ රන් මාලයක් කඩා පළායමින් සිටියදී ඒ බව දුටු අසල්වැසියෙක් යතුරු පැදියේ අංකය සමග මේ පිළිබඳව තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.ජී.නිමල්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වු අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා පොලිස් නිළධාරින් කණ්ඩායමක් සමග කොල්ල කරුවන් ලුහුබැඳ පැමිණ ඇතත් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුව මේ පිළිබඳව ලුණුගම්වෙහෙර, සූරියවැව හා මත්තල ඇතුළු අවට පොලිස් ස්ථාන වෙත දන්වා ඇති තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වු සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිගම ඇතුළු නිළධාරීන් පිරිසක් සුරියවැව වැවේගම මාර්ගයේ පැමිණ තිබේ.

එහිදී කොල්ලකරුවන් හා පොලිස් ජීප් රථය මුහුණ මුහුණ හමුව ඇත. පසුව පොලිස් ජිප් රථයද නැවත හරවා කොල්ල කරුවන් පසු පස හඹාවිත් තිබේ. එහීදී කොල්ල කරුවන් යතුරු පැදියෙන් ගමන් කරන අතර පිටුපසින් හඹා එන පොස් ජිප් රථයට වෙඩි තබා තිබේ.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් කොල්කරුවන්ට වෙඩි තබා තිබේ. පොලිස් වෙඩි පහරන් යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇති අතර පොලිස් ජිප් රථයද වේගය පාලනය කරගත නොහැකිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදි අනතුරට පත්ව තිබේ.

පොලිස් වෙඩි පහරින් බිම වැටි සිටි කොල්ල කරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සදහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා බරපතල තත්වයේ සිටි කොල්ලකරුවන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. සිද්ධිය වු ස්ථානයේ තිබී බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා කොල්ලකන ලද රන් මාල දෙකක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබදව මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.

සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පවත්වයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුවසැරිය මෙහෙවරට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයම යළි ‍පත්වෙයි

Next Post

නුවර පෙරහරේ ජෛව බුබුළ තුළ කොවිඩ් !

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.