සුළි කුණාටුව සහිතව වර්ධනය වන අයහපත් කාලගුණ තත්වය නිසා නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අද පෙරවරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත.
ගිනිකොණ දිග බෙංගාලබොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය සුළි කුණාටුවක් සේ වර්ධනය වී නැගෙනහි වෙරළ කලාපයට ඇතුළුවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කිරීමත් සමග මෙම තීන්දුව ආණ්ඩුකාරවරිය විසින් ගෙන ඇත.
යම් හෙයකින් පීඩාකාරී ආපදා තත්වයක් ඇති වුවහොත් අවතැන් කඳවුරු ලෙස මෙම පාසල් භාවිත කළ හැකි නිසා මෙම තීන්දුව ගත් බව ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.