දිනසේන රතුගමගේ –
මත්පැන් පානය කොට නිවසට පැමිණෙමින් සිටි යාපනයේ පුද්ගලයෙකු පාරේදී හමු වූ නාගයෙකු සමග සෙල්ලම් කරද්දී නාගයා දෂ්ඨ කිරීම නිසා 30 දා මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරෙයි උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචිව සිටි මහේසන් තවම් නැමති 55 හැවිරිදි පුද්ගලයෙකි.
නාගයා දෂ්ඨ කොට ඇතත් බීමතින් පැමිණි ඔහු ඒ බව නිවසේ උදවියට නොදන්වා නින්දට ගොස් තිබේ.
රාත්‍රියේදී හටගත් පපුවේ අමාරුවක් නිසා ඔහුව යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මියගොස් තිබේ.
මියගිය අය සම්බන්ධයෙන් පේදුරුතුඩුව රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී සර්ප විෂ ශරීරගත වීම නිසා මේ මරණය සිදු වූ බවට නිගමනය කොට තිබේ.
යාපනය උඩුප්පිඩි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.