කිසිදු ව්‍යාපෘතියක් සඳහා විදේශ ණය නොගැනිමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පැවසීය.
කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ ඉදිරියේදී ඉදිකිරීම, අයිති කර ගැනීම සහ පැවරීම(BOT), ඉදිකිරීම, අයිතිකර ගැනීම සහ මෙහෙයවීම (BOO) නම් ආයෝජන ක්‍රමවේද දෙකට අමතරව පෞද්ගලික සහ රාජ්‍ය අංශ හවුල්කාරීත්වයෙන් (Public Private Partnership) මිස කිසිදු විටෙක ව්‍යාපෘති වෙනුවෙන් රජය ණය ගැනීමට බලාපොරොත්තු නොවන බවය.
පසුගිය කාලය තුළ විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ දළ දේශීය නිෂ්පාදනයට වඩා විදේශ ණය ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වයක් පවතින බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බව පැවසීය.
මේ වනවිට විදේශ ණය බර දළ දේශීය නිෂ්පාදිතයට සාපෙක්ෂව සියයට 92ක් තරම් වන තත්ත්වයක් තුළ මෙම තීරණය ගත් බවද සඳහන් කළේය.