දිනසේන රතුගමගේ –
බුරාවී සුළි සුළගට මැදි වූ යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ පුද්ගලයින් තුන් දෙනෙකු අතුරුදහන්ව ඇති අතර තවත් තුන් දෙනෙකු කැඩී ගිය නිවාස වල සුන්බුන් වලට යටවී තුවාල ලබා 4 දා උදෑසන රෝහල් ගත කොට තිබේ.
තුවාල කරුවන් කයිට්ස් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
අතුරුදහන් වූ තුන්දෙනාගේ නිවාසද කැඩී ගොස් ඇති අතර නිවාස කැඩී ගිය පසුව ඔවුන් පිළිබදව තොරතුරක් නොමැති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ යාපනය සහකාර අධ්‍යක්ෂ ආර්.එන්.සූරියරාජා මහතා පැවසීය.
ඔවින් පිළිබදව තොරතුරක් දැන ගැනීම සදහා ආරක්ෂක අංශ මූලික පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ නිවාස වලට හානි සිදු වීමෙන් විපතට පත් පුද්ගලයින්ව රදවා තැබීම සදහා තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන හයක් යාපනයේ විවිධ ස්ථාන වල පිහිටුවා ඇති බවත් ඔවුන්ට පිසූ ආහාර සපයා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරණ බවත් යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා පවසයි.







