අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුවසැරිය ගිලන්රථ ගත්ත හැටි ගැන සියල්ල ආචාර්ය හර්ෂ හෙළිකරයි

by Lanka Sara Editor
ජූනි 1, 2021
in පුවත්
harsha de silva
Share on FacebookShare on Twitter

සුවසැරිය ගිලන්රථ සියල්ල ශ්‍රි ලංකාවට ලැබු‍ණේ ‍නොමිලේ බවත් එම ගිලන් රථ සහ අවශ්‍ය උපකරණ සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 22.7ක මුදල ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙස ඉන්දීය රජයෙන් ලැබුණු බවත් 1990 සුවසැරිය ගිලන් රථ සේවය පිහිටුවීමේ පුරෝගාමියා වන හිටපු අමාත්‍ය සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.මේ වනවිට රජය විශාල වියදමක් දරමින් ගිලන් රථ ගෙන්වීම පිළිබඳව තමන් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර ලෙස ඇතැමුන් මෙම සුවසැරිය ගිලන් රථ විශාල මුදලක් ගෙවා ගෙන්වූ බවට ද්වේශ සහගත ප්‍රකාහ කරන බවත් සඳහන් කරන අමාත්‍යවරයා එම ගිලන් රථවලට වැය වූ මුදල් පිළිබඳවද හෙලි කරමින් පැවසූයේ ගිලන්රථයකට සහ උපකරණ සඳහා වැයවූයේ ආසන්න වශයෙන් රුපියල් පක්ෂ 54ක් පමණ බවය.

ඔහු මේ පිළිබඳව කරන පැහැදිළි කිරීම සම්පූර්ණයෙන් පහත දැක්වේ.

“සුවසැරිය ආරම්භ කළදා පටන් අභියෝග පිට අභියෝග පැමිණි බව නොරහසකි. එම අභියෝගයන්ට මා සියළු අවස්ථාවන්හිදී නොබියව මුහුණ දුන්නේ මෙය හුදෙක්ම මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් පමණක්මැයි මාගේ හෘද සාක්ෂිය දන්නා බැවිනි.

මෙම වැඩසටහන ජනතාව විසින් බදා වැළඳගැනීම නිසා මෙයට එරෙහි වූවන්ගෙන් ඇතමුන් මෙහි ගුණ ගායනා කළේ කපන්න බැරි අත සිඹිනවා යන න්‍යායෙනි. යළිත් සුවසැරියට පහරදීමට ඔවුන්ට පොටක් පෑදී තිබේ. “මේ ගිලන් රථ ලැබී තිබෙන්නේ නොමිලේ නොවේ.“ “සල්ලි වලට තමයි අරන් තියෙන්නේ. අපේ සල්ලි වියදම් කරලා තමයි ගෙනත් තියෙන්නේ.“ යනුවෙන් මහා අවලාද රැල්ලක් මොවුන් විසින් මේ වනවිට සමාජ මාධ්‍ය භාවිතා කරමින් පතුරුවමින් තිබේ. මා මේ අදහස් දැක්වීම සිදුකරන්නේ එම කුහකයින්ට නොවන අතර මේ තුළින් වැරදි අදහසක් ලබාගැනීමට හැකියාව තිබෙන මෙම සේවාවෙන් අනුපමේය සේවාවක් ලබාගන්නා ජනතාවටයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේයි. ඒ සඳහා මෙරට බදු ගෙවන ජනතාවගෙන් කිසිදු මුදලක් වියදම් කළේ නැත. ඒ වෙනුවෙන් වැයවූ සියළු මුදල් ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.7 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලෙසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. එය ණයක් නොවේ. යළි ගෙවිය යුතු නැත. එසේ නම් කුහකයින් සුළු පිරිසක් මෙම ගිලන් රථ මුදල් වලට අරගෙන තිබෙනවා යැයි එක පාරටම කියන්නට පටන්ගෙන තිබෙන්නේ ඇයි?

වර්තමාන රජය විසින් ගිලන් රථ 10 ක් මිලට ගන්නා විට එහි මිල වැඩියැයි මා සඳහන් කළා. වර්තමාන රජය විසින් එක් ගිලන් රථයක් රුපියල් ලක්ෂ 194 කට මිලදීගැනීමට කටයුතු කරන විටයි මා මේ අදහස් දැක්වීම කළේ. එහිදී, මා පැවසුවේ සියළු උපකරණ සහිතව 2018 මාර්තු මාසයේදී සුවසැරිය ගිලන් රථයක් මිලට ගත්තේ රුපියල් ලක්ෂ 54 ක පමණ මිලකට බවයි. ඉන්දීය රජය විසින් සුවසැරිය ගිලන් රථ සියල්ල සහ එයට අවශ්‍ය සියළු උපකරණ මිලදී ගැනීමට, ප්‍රධාන ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවීමට, සියළු කාර්ය මණ්ඩලය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුහුණු කිරීමට, 2018 මැද භාගය දක්වා සියළු සේවකයින්ගේ වේතන ගෙවීමට සහ සියළු ගිලන්රථ නඩත්තු කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 22.7 ක ආපහු ගෙවන්න ඕන නැති පරිත්‍යාගයක් අදියර දෙකකින් කළා. ඒ මුදල් වලින් තමයි, ටාටා සමාගමෙන් ගිලන් රථ ඇතුළු උපකරණ මිලදී අරගෙන තිබෙන්නේ. මෙම ගිලන් රථ වලට අවශ්‍ය සමහර උපකරණ ඇමරිකාවෙන් පවා මිලදීගෙන තිබෙනවා. නමුත්, මේ සඳහා ගිය සියළුම මුදල් ගෙවලා තිබෙන්නේ ඉන්දීය රජය ලබාදුන්නු ප්‍රදානයෙන්. ඒ වෙනුවෙන් ලංකාවේ ජනතාවගෙන් සත පහක මුදලක් වියදම් කරලා නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ තමයි. ඒකේ කතා දෙකක් නෑ.

ඉතිං තාමත් මේ ව්‍යාපෘතියට මේ වගේ මඩ ප්‍රහාර එල්ල කරන පිරිස් සිටීම පිළිබඳව මා ඇත්තටම කණගාටු වෙනවා.

ජනතාවගේ දැනගැනීම සඳහා 2018 මාර්තු මාසයේ මිලදීගෙන තිබෙන මෙම ගිලන්රථ සහ උපකරණවල මිල ගණන් මා ඉදිරිපත් කරනවා.

මෙහිදී, Winger ගිලන් රථයක් මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 19,130 කට. මෙයට TATA winger රථයක් ගිලන් රථයක් බවට හැරවීමට ගිය පිරිවැයද ඇතුළත් වෙනවා. එයට අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගැනීමට මෙන්ම මෙම ගිලන් රථ මෙරටට ගෙන්වීම සඳහා නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට ඇමරිකානු ඩොලර් 15,798 ක් වැයකර තිබෙනවා.

ඒ කාලේ ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 156 ක් පමණ වෙනවා. මේ අනුව, මේ ගිලන් රථයක් මිලදීගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ 30 ක් වගේ මුදලකට. ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගැනීමට මෙන්ම නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට රුපියල් ලක්ෂ 24 ක පමණ මුදලක් වියදම් කර තිබෙනවා. ඒ කියන්නේ ගිලන් රථයක් සහ එයට අවශ්‍ය සියළුම උපකරණ සහ ඖෂධ මිලදීගැනීම ඇතුළු සියළු වියදම් සඳහා වැයකර තිබෙන්නේ රුපියල් ලක්ෂ 54 ක් වගේ මුදලක්. අද තිබෙන විනිමය අනුපාතයට අනුව බැලුවත් මේ සඳහා වැයවෙන්නේ රුපියල් ලක්ෂ 70 ක් වගේ මුදලක්.

මෙම ගිලන් රථවල Automatic External Defibrillator, Pulse oxymeter, oxygen cylinders, patient monitoring equipment, mobile phone ඇතුළු උපකරණ රැසක් තිබෙනවා. මෙම ගිලන් රථයක තිබෙන උපකරණ පිළිබඳව සම්පූර්ණ ලයිස්තුවක සේයාරුවක්ද මා මෙහි පළකරනවා.

මේ වියදම් සඳහා මුදල් සියල්ල ලබාදුන්නේ ඉන්දීය රජය විසින්. ඒ සඳහා ලංකාවේ ජනතාවට කිසිදු මුදලක් ගෙවන්න වුණේ නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ. කුහකයින්ට දැන්වත් තේරුණාද දන්නෙ නෑ?”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ රෝහල්වල සායන අක්‍රීයයි… වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගොඩ ගැසේ…

Next Post

චීනයෙන් අලුත් කුරුලු උණක්!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.