කුරුළු උණ ආසාධිතයෙක් චීනයෙන් වාර්තාවෙයි.
H10N3 කුරුළු උණ වෛරස් ප්‍රභේදය අසාදනය වූ ප්‍රථම පුද්ගලයා චීනයෙන් වාර්තාවී තිබේ.
නැගෙනහිර චීනයේ ජියැන්ග්සු පළාතෙන් මෙම පුද්ගලයා හමුවී ඇත බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබේ.
41 හැවරිදි අදාල පුද්ගලයා අප්‍රේල් මස 28 වැනිදා අධික උණ හේතුවෙන් රෝහල්ගත කර ඇති බව චීන බලධාරීන් පවසයි.
එහෙත් ඔහුට H10N3 කුරුළු උණ වෛරස් ප්‍රභේදය වැලදී ඇති බවට ප්‍රථම වරට තහවුරු කරගැනීමට හැකිව ඇත්තේ මැයි 28 වැනිදා බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම විසින් අනාවරණය කරනු ලබයි.
වෛරසය අසාදිත පුද්ගලයා මේවන විට යථා තත්ත්වයේ පසුවන බවත් ඔහුට නුදුරේදීම නිවෙස් බලා යාමට හැකිවනු ඇති බවද චීන වෛද්‍ය අංශ ප්‍රකාශ කරයි.
අදාල පුද්ගලයාගේ ලඟම ආශ්‍රීතයින්ට නිරීක්ෂණය කලද ඔවුන්ට වෛරසය වැලදී නොමැති බවට අනාවරණය වී ඇති බවට චීන සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම වෛරස් ප්‍රභේදය ජීවිත තර්ජන ඇති කර ආකාරයේ බලපෑමක් ඇති නොකරන බවද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබේ.
මෙම වෛරස ඉතා විරල වන අතර 2018 වන තෙක් ගතවූ වසර 40ක කාලය තුල මෙම වෛසරයට අදාල සිදුවීම 160ක් පමණක් වාර්තා වූ බවද එයත් වනයේ සිටින සහ ජලාශ ආශ්‍රීත පක්ෂීන් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සත්ව රෝග අංශයේ ආසියානු පැසිපික් කලාප සම්බන්ධීකාරක පිලිප් ක්ලේස් ප්‍රකාශ කර ඇත.
H7N9 වෛරස ප්‍රභේදය වැලදීමෙන් 2016 ත් 2017 අතර පුද්ලයින් 300ක් පමණ මරණයට පත්විය.