බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරේෂ් සලේගෙන් CIDය පැය 72ක තීරණාත්මක ප්‍රශ්න කිරීමක: ‘මහ මොළකරු’ ගැන තොරතුරු ලැබෙතැයි පොලිසිය විශ්වාසය පළ කරයි

by editor
පෙබරවාරි 25, 2026
in පුවත්
suresh-sale
Share on FacebookShare on Twitter

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ   ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් විමර්ශනවල ප්‍රගතිය අනාවරණය කළහ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත   මෙහිදී අවධාරණය කළේ, මෙම ප්‍රශ්න කිරීම් හරහා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහ මොළකරු පිළිබඳ තීරණාත්මක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පදනම්වයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ. ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් විමර්ශනවල ඉදිරි ගමනට අතිශය වැදගත්,” යැයි ඔහු පැවසීය.

රඳවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය

නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න   සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ඕනෑම සැකකරුවෙකු පැය 72ක් (දින 03ක්) පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට නෛතික ප්‍රතිපාදන පවතින බවය. එම කාලය අවසානයේදී හෙළිවන කරුණු මත පදනම්ව, අධිකරණය හරහා දීර්ඝ කාලීන රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පොලිසියට එරෙහිව එල්ල වන සමාජ මාධ්‍ය  ‘කැම්පේන්’ එක

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පොලිසියට එරෙහිව එල්ල වන විවේචන පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජීව මැදවත්ත මෙසේ පැවසීය:

“සමහරු කියනවා ඔහුව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා පොලිසියට විරුද්ධව කැම්පේන් එකක් යනවා කියලා. නමුත් සැබෑ තත්ත්වය නම් ඔහුව අත්අඩංගුවට නොගත්තේ නම් තමයි පොලිසියට විරුද්ධව කැම්පේන් එකක් සිදුවිය යුතුව තිබුණේ. පොලිසිය සිය කාර්යය නිසි ලෙස ඉටු කර තිබෙනවා.”

විමර්ශන රහසිගතව

මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ තොරතුරු අනාවරණය කිරීම දැනට අපහසු බව පැවසූ උසස් පොලිස් නිලධාරීන්, විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් ඉදිරියේදී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළහ.

පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ සුරේෂ් සලේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ‘චැනල් ෆෝ’ නාලිකාව හරහා ද බරපතළ චෝදනා එල්ල වී තිබූ අතර, වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු විමර්ශන කඩිනම් කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රවල දැඩි අවධානයට ලක්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප්ගෙන් වාර්තාගත ‘රාජ්‍ය දේශනය’ ලෝක මාධ්‍යට අලුත් පුවතක් මවයි…

Next Post

නඩු විභාගයකට මුහුණදීමට මානසික මට්ටමක් නැහැ: ඩේසි ආච්චි මැණික් මල්ලේ නඩුවෙන් නිදහස්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.