බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගෙන් වාර්තාගත ‘රාජ්‍ය දේශනය’ ලෝක මාධ්‍යට අලුත් පුවතක් මවයි…

by editor
පෙබරවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පෙබරවාරි 24 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද 2026 වසරේ ‘රාජ්‍ය දේශනය’ (State of the Union address) පැයයි විනාඩි 48ක පමණ කාලයක් පුරා පැවැත්වෙමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබේ.

මීට පෙර 2000 වසරේදී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් තබා තිබූ පැයයි විනාඩි 28ක වාර්තාව අභිබවා යමින්, මෙය ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය දේශනය ලෙස සටහන් විය.

ආර්ථිකය, තීරුබදු සහ විදේශ ප්‍රතිපත්ති වැනි ප්‍රධාන මාතෘකා රැසක් ස්පර්ශ කළ මෙම දේශනය කෙරෙහි ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන රැසක අවධානය යොමු වී තිබුණි. පොදුවේ  ජාත්‍යන්තර මාධ්‍ය පවා විශේෂයෙන් අවධාරණය කළේ ධ්‍රැවීකරණය වූ දේශපාලන පසුබිමක ට්‍රම්ප් විසින් සිය බලය පෙන්වීමට යොදාගත් මෙම අසම්මත දීර්ඝ කාලසීමාව පිළිබඳවය.

ඇමරිකානු මාධ්‍ය ආයතන මෙම කතාවේ දීර්ඝ කතා කාලය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි. NPR පුවත් සේවය පෙන්වා දුන්නේ මෙය වසර 60කට පසු කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියකදී පැවැත්වූ දීර්ඝතම දේශනය බවයි. The Washington Post පුවත්පතට අනුව ට්‍රම්ප් මෙහිදී අභිබවා ගොස් ඇත්තේ 2025 වසරේ ඔහු විසින්ම තබා තිබූ වාර්තාවයි. Politico සහ ABC News ද මෙහි කාලසීමාව අවධාරණය කළ අතර, උද්ධමනය සහ ආගමන විගමන ගැටලු සම්බන්ධයෙන් පවතින මහජන විවේචන මධ්‍යයේ ට්‍රම්ප් සිය දීර්ඝ දේශනය සිදු කළ බව ABC News වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය ද මෙම සිදුවීම වාර්තා කළේ කතාවේ දීර්ඝත්වය සහ එහි අන්තර්ගතය එකිනෙකට සම්බන්ධ කරමිනි. ඕස්ට්‍රේලියාවේ 7NEWS වාර්තා කළේ ට්‍රම්ප් සිය දේශනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කරන ලද තීරුබදු සහ ඉරානය සමඟ ඇති විය හැකි යුදමය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ බවයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

බ්‍රිතාන්‍යයේ BBC පුවත් සේවය සඳහන් කළේ මෙය වාර්තාගත දීර්ඝතම කතාව බවත්, දේශපාලන බෙදීම් මධ්‍යයේ වුවද ඇමරිකාවේ “ස්වර්ණමය යුගයක්” උදාවී ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයත් ය.

The Hill සහ Fox වැනි කොන්සර්වේටිව් නැඹුරුවක් සහිත මාධ්‍ය මෙම වාර්තාගත දේශනය ඇගයීමට ලක් කළ අතර, PBS නාලිකාව හිටපු ජනාධිපතිවරුන් වන ඔබාමා සහ බයිඩන්ගේ කෙටි දේශන සමඟ සසඳමින් ට්‍රම්ප්ගේ කථන විලාසය විශ්ලේෂණය කළේය.

කෙසේ වෙතත්, Notus වැනි මාධ්‍ය ආයතන පෙන්වා දුන්නේ ට්‍රම්ප් සිය කතාව අතරතුර විරුද්ධ පක්ෂය දැඩි ලෙස විවේචනය  කිරීම රාජ්‍ය දේශනයක පැවති යුතු ගුණාත්මක හරය ව්‍යසනයට ලක් කළ බවය.

මෙම දීර්ඝ දේශනය හුදෙක් වාර්තාවකට පමණක් සීමා නොවූ අතර, එහි අන්තර්ගතය තුළ වූ ඇතැම් ලක්ෂණ බොහෝ විචාරකයන් දුටුවේ යම් විකාරරූපී ස්වභාවයක් හෝ ප්‍රහසනයක ස්වරූපයක් ගත්තක් ලෙසයි.

විශේෂයෙන්ම රාජ්‍ය දේශනයක් වැනි ගම්භීර අවස්ථාවක විරුද්ධ පාක්ෂිකයන් “පිස්සන්” ලෙස හඳුන්වමින් සිදුකළ ආක්‍රමණශීලී ප්‍රකාශ,  රම්ප් අභ්‍යන්තරයෙන් අත්විඳින දේශපාලන පීඩනයේ ප්‍රකාශනයක් ලෙස බොහෝ විචාරකයෝ අර්ථකථනය කළහ.

රටේ උද්ධමනය සහ ආගමන විගමන ගැටලු සම්බන්ධයෙන් මහජන අප්‍රසාදය දැඩිව පවතින පසුබිමක, ඔහු “ස්වර්ණමය යුගයක්” ගැන කළ අතිශයෝක්ති පූර්ණ ප්‍රකාශයන් යථාර්ථයෙන් බැහැර වූවක් බව ABC News වැනි මාධ්‍ය පෙන්වා දෙයි. මෙම අසම්මත දීර්ඝත්වය සහ ඔහුගේ කථන විලාසය තුළින් පෙනී යන්නේ, තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීමට වඩා, තමා වටා පවතින අභියෝග හමුවේ සිය ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට දරන දැඩි උත්සාහයක නිරත වන බව යැයි ගෝලීය දේශපාලන විචාරකයින්ගේ අදහසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙරට අතර සබඳතා ගැන සාකච්ඡා කිරීමට රුසියානු තානාපතිවරයා ජනාධිපති ලේකම් හමු වෙයි!

Next Post

සුරේෂ් සලේගෙන් CIDය පැය 72ක තීරණාත්මක ප්‍රශ්න කිරීමක: ‘මහ මොළකරු’ ගැන තොරතුරු ලැබෙතැයි පොලිසිය විශ්වාසය පළ කරයි

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.