ශ්‍රියානි විජේසිංහ –
ගිලන්රථ ධාවනයට සුපර් ඩීසල් නොමැති වීම හේතුවෙන් මේ වන විට එම ගිලන්රථ රෝහල්වල ගාල්කර ඇතැයි සෞඛ්‍ය ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති .ඩබ්.ඩී විජේසිංහ සදහන් කරයි.
මේ වන විට මාතර , මොණරාගල, කල්මුණේ, අක්කරපත්තුව ඇතුළු රෝහල් ගණනාවක් ගිලන්රථ ගාල්කර ඇතැයි හෙතෙම පෙන්වාදේ.
සුපර් ඩීසල් නොමැතිව සාමාන්‍ය ඩීසල් භවිත කරමින් මෙම ගිලන්රථ කිලෝමීර් 50000ක් ධාවන කළ හැකි නමුත් ඉන් අනතුරුව ඒවා ධාවනය කිරීමට යලි අලුත්වැඩියා කළ යුතු බවත් ඒ සඳහා අති විශාල මුදලක් වැය වෙන බවත් විජේසිංහ පෙන්වාදේ.
ගිලන්රථ පිරිසිදුකිරීමට ලබාදෙන පිරිසිදුකාරකයන් පවා කප්පාදු කර ඇති මොහොතක ගිලන්රථ අලුත්වැඩියාව සදහා මුදල් ලබා නොදීම පුදුමය කරුණක් නොවන බවද ඔහු සදහන් කරයි.
අවශ්‍යතාවටත් වඩා ගිලන්රථ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඇති නමුත් අලුත්වැඩියාවන් නොකර ඒවා භාවිතයෙන් ඉවත් කර අලුතින් ගිලන්රථ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තරයෙන් කටයුතු කිරීම ජාතික අපරාධයක් යැයි ඔහු පෙන්වාදේ.







