බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුනු විසුනු වූ ශ්‍රී ලංකා ඉනිම වනිඳු – පැතුම් ගොඩ ගනිති… අයර්ලන්තයට 172ක ඉලක්කයක්!

by editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්
wanidu-hasaranga
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පලමු අර්ධය නිමා වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සුව පහසු තැනකය. ඔවුන් පන්දු ඕවර 20 තුළ දී ලකුණු 171ක් රැස් කළහ. එහෙත් මේ අඩියට කණ්ඩායම රැගෙන එන්නේ පස්වන කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග හා පැතුම් නිශ්ශංක ගොඩනැගූ ලකුණු 126ක වගකීම් සහිත සම්බන්ධතාවය නිසාය.

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ සුනු විසුණු කරනු බලා සිටියෙමු. ලෙජන්ඩ් එකක් බව කී කුසල් ජනිත් පෙරෙරා යළිත් මුලුමනින්ම අසාර්ථක විය. කුසල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.  ආරම්භක පන්දු යවන්නා වූ පොල් ස්ට්‍රීං කුසල් ජනිත්ට එවූ මුල්ම පන්දුවෙන්ම ඔහුව ගොදුරු කරගත්තේය.

අනතුරුව පිටියට පැමිණි ලෙජන්ඩ් චන්දිමාල් පන්දු හයකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු හයක් ලබා ගත්තේය. ඔහු වේග පන්දු යවන ජොෂ් ලිට්ල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඉනි ගලවා ගත්තේය. ජොෂ් ලිට්ල් මනරම් පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු ත්‍රිත්වය අභිසයට පැමිණියේ එක ලඟ පන්දු දෙකක දී කඩුලු දෙකක් ලබා ගැනීමෙනි. ලකුණු 8ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ වැටිනි.

එක් අන්තයක සිටි පැතුම් නිශ්ශංකට වනිඳු හසරංග එක් වූයේ මේ අසීරු අවස්ථවේ දීය. වනිඳු සහ පැතුම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කුඩු කර දැමූ ඉනිම යළි අසීරුවෙන් ගොඩ නැගූහ. වනිඳු  විචිත්‍ර ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබා ගත්තේය. හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් එම විශිෂ්ට ඉනිමට එක් විය.

මාර්ක් ඇඩයර්ගේ පන්දුවකට වනිඳු දැවී යනවිට පැතුම් සහ වනිඳු එක්ව ලකුණු 126ක අනගි සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි. වනිඳු දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 134ක් ලෙස සටහන් වෙද්දීය.

අනතුරුව භානුක රාජපක්ෂ එක් ලකුණකට ජොෂ් ලිට්ල්ට ගොදුරු විය. ඔහු මුහුණ දුන්නේ පන්දු 03කට පමණි. පන්දු 47ක දී මනරම් ලකුණු 61 ලබා ගත් පැතුම් නිශ්ශංකත් දවා ගැනීමට ලිට්ල් සමත් විය. පැතුම් ලකුණු 61ට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් එල්ල කර තිබිණි.   අනගි ප්‍රහාරයක් දියත් කළ දසුන් ශානක පන්දු 11 ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට බිහිසුණු අනතුරක් කළ පන්දු යවන්නා ජොෂ් ලිට්ල්ය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 23කට කඩුලු 04ක් දවා ගත්තේය. මාර්ක් මාර්ක් ඇඩයර් පන්දු ඕවර 04 දී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගත්තේය.

අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද ගාලු කොටුව… නැවත ශතකවලින් මරණ ගණින්න සූදානම් වන්න…

Next Post

කෙහෙලිය – ජයසුමන ගැටුම උග්‍රයි… ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.