බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුනිල් ජයවර්ධන මරා දැමූ විට මහින්ද කහඳගමට මේ තරම් සතුටු ඇයි?

by editor
ජූනි 13, 2020
in පුවත්, සමාජ
65 හැවිරිදි මහින්ද කහඳගම රුසියානු තරුණ සමුලුවට සහභගී වූ අවස්ථාව

65 හැවිරිදි මහින්ද කහඳගම රුසියානු තරුණ සමුලුවට සහභගී වූ අවස්ථාව

Share on FacebookShare on Twitter

පසුගියදා අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රි රෝද රථ  හිමියන්ගේ සංමයේ සභාපති ජයවර්ධන වෙනුවෙන් රට පුරා  ජනතාව ශෝක  වෙති. බොහෝ ත්‍රී රෝද රථවල ඔහුගේ ඝාතනයට සොව පළ කරමින් සුදු පැහැ කොඩි සහ බැනර දමා තිබේ. එසේ රටක් දුක්වෙද්දී කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ පස්වනක් ප්‍රීතියෙන් පිනායති. ප්‍රසිද්ධියේම සතුට ප්‍රකාශ කරති. සමාජ ජාලාවල ඝාතනය වූ ජයවර්ධනට අමු කුණුහරුපයෙන් බැන වදිති. ඒ  අතිශයින් අශ්ලීල විලාසය දකින විට    සුනිල් ‍ජයවර්ධන වටා සිටි සෙසු සිවිල් සංවිධාන නායකයින් පවසන්නේ අමු අමුවේ පහර දී සිදු කළ මෙම ඝාතනය පසුපස කහඳගම ද සිටිය හැකි බවය.

මහින්ද කහඳගමට සුනිල්  ජයවර්ධන   නයාට අඳුකොළ සේ වහ කදුරු වී ඇතේතේ  ඇයි දැයි විමසිය යුතුය. මහින්ද කහඳගම යනු ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයාය.   2012 වසර පමණ කාලයේ දී මහින්ද කහඳගම  පොදු ජන එක්සත් පෙරමුණට ද සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයේද  නියැළුණේය. ඔහු වැඩිපුර ගැවසුණේ ඔහුගේ කාර්යාල තිබුණු කොළඹ කොම්පඤ්ඤ වීදියේ ය.

ඔහු මේ කාලය වනවිට මැරයන් සහිත   මාෆියාවක් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේම පවත්වාගෙන ගියේය.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ බොහෝ ස්වයං රැකියා වෘත්තිකයන්ට අත දීමේ වැඩසටහන් ක්‍රියාක්මක විය. කොළඹ නගරයේ ඉදි වුණු පදික වෙළෙන්ඳන් සඳහා වූ විශේෂ ස්ථානවල ඉඩකඩ වෙන් කිරීමේ දී එහි දේශපාලන හස්තය මෙහෙයවූයේ මහින්ද කහඳගමය . ඊට හේතුව ඔහු ඒ වනවිටද කොළඹ නගරයේ වැඩි බලයක් තිබු එක්සත් ජාතික පක්ෂය හමුවේ පොදු ජන එක්සත් පෙරමුණට දැඩි සේ සහය දැක්වූ පුද්ගලයකු  වීමය.

ඔහු  එන එන ඡන්දයට ඉල්ලුවේය. එහෙත් ඔහුට නාගරික මන්ත්‍රීකමෙන් එහාට  යන්නට නොහැකි විය.   තමන් බැලකම් කරන ආණ්ඩුව පවතින කාලයේ මහින්ද කහඳගම තම බලපරාක්‍රමය පෙන්නුවේ තමන්ගේ සංගමයේ සාමාජිකත්වය නැති කිසිදු කෙතනකුට කොළඹ පදික වෙළෙඳාම් කළ නොහැකි බව පවසමිනි. එසේම කප්පම් ආකාරයෙන් වන ඔහුගේ හිතුවක්කාර මුදල් අය කිරීම්වලට අවනත නොවුණහොත් එදා වේලවත් සොයා ගන්නට මේ ස්වයං රැකියා නියුතක්තිකයන් එසේ නැතිනම් පදික වෙළෙඳුන්ට නොහැකි විය.  මේ නිසා    පදික වෙළෙඳුන්ට ඔහුගේ සංගමයේ  සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්ය විය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එසේම ආණ්ඩුව වෙනුවෙන් කොළඹ පැවැත්වෙන මොනම හෝ උද්ඝෝෂණයකදී විනාඩි කිහිපයක් තුළ පිටකොටුව බෝධිය ළඟට, කොටුව දුම්රිය පළ ළඟට සෙනඟ ගෙන්වන්නේ  ඔහුය. වරක් මෙම ලියුම්කරු මෙම උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ කහඳගම ගේ නම සඳහන් ටී ෂර්ට් පැළඳී කිහිප දෙනකු සමඟ කතා බහට පිවිසුණේ මා ද මහින්ද කහඳගමගේ ගේ හොඳ මිතුරකු ලෙස පෙනී සිටිමිනි. 

“ ආ ඔයාලා මහින්ද කහඳගම එක්කද ආවේ.?“ ඔව් මහත්තයා. මමත් ආවේ එයත් එක්ක. මහත්තයා කොහේ හරි කඩයක් කරනවද?. ඔහු මගෙන් ඇසුවේය. 

“නෑ මම කඩයක් ගන්න කතා කරගෙන තියනවා. තාම හම්බ වුණේ නැහැ “මම කීවෙමි.

“අනේ ඔය මනුස්සයාගෙන් අපට හරිම වදයක් තියෙන්නේ්‍…  මේ දේශපාලනේ අපිට වැඩක් නැහැ බොස්. අපි එදා වේල හම්බ කර ගන්න මිනිස්සු. මේ යකා එන්න එන්න කියනවා.  ආවේ නැත්නම් අපි ට හෙට බිස්නස් කරල ඉවරයි. “ මේ ඔවුන්ගේ කතාවය.

කෙසේ වුවද සුනිල් ජයවර්ධන මට මුණ ගැස්සුවේ තවත් මා දන්නා නුගේගොඩ ව්‍යාපාරිකයෙකි. ඒ දිනවල සුනිල් ජයවර්ධනටත් නුගේගොඩ ප්‍රෙද්ශයේ ව්‍යාපාරයක් තිබුණි. එය කුමක්දැයි  නොදනිමි, ඔහු ද මහින්ද කහඳගම ගේ   සංගමයේ ම සාමාජිකයෙකි. එහෙත් කහඳගම   සාමාජික මුදල් නාමයෙන් කරන අසාධාරණ අය කිරීම් ගැන ඔහු  ද හඬ නැගුවේය. ඔහු වෙනම සංවිධානගත වී කොළඹ නගර සභාවට මේ පිළිබඳව පැමිණිලි කළේය 

සුනිල් ජයවර්ධනට අනුව මහින්ද කහඳගමගේ  සංගමය අරුම පුදුම එකක් වූයේය. සාමාන්‍යයෙන් සමිති සමාගම්වල ඇත්තේ මාසික හෝ වාර්ෂික සාමාජික මුදලකි. එහෙත් මේ සමිති සමාගම් කාරයා හැමදාම මුදල් එකතු කරන බව ඔහු දිගින් දිගටම චෝනා කළේය. එසේම පදික වෙළෙඳුන්ට අදාල වෙළෙදාම් කිරීමට සුදුසු ස්ථාන ලබා දෙන්නේත් තිබෙන ඒවායින් ඔවුන් අයින් කරන්නේත් මහින්ද කහඳගම  බවට පොදු මතයක් විය. ඒ ගැන සුනිල් ජයවර්ධන දිගින් දිගටම චෝදනා කළේය.

මෙම කරුණු මේ වනවිට අධිකරණයේ පවා වාර්තා වී ඇත. එහෙත් සිදු කළ පැමැණිලි   ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් සමඟ ඔහුගේ  තිබූ ඇයි හොඳයිය නිසා බොහෝ දුර ගියේ නැත. මහින්ද කහඳගම එකල දුම්රිය සේවයේ ආපන ශාලාද ටෙන්ඩරයකින් ලබා ගත්තේය. ඒ සම්බන්ධයෙන්ද ඔහුට විවිධ චෝදනා එකල එල්ල වී තිබිණි. ඔහුගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජයේ ඉහළ පුද්ගලයන්ටද වරින් වර පැමිණිලි එල්ල වී තිබිණි. එහෙත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් පියවරක් නොගැනුනි. ඔහුට රජය හා තිබුණු සම්බන්ධය අවසානයේදී ලෝක විහිලුවක් බවට ද රට පත් කළේය. ඒ 2014 ලෝක තරුණ සමුලුවට රට නියෝජනය කරමින් මේ 65 හැවිරිදි මහල්ලා එක් වීමෙනි. එදා ලෝකය හිනා වුනේ රටටය.  මේ පුද්ගලයා 2015 ජනවාරි පරාජයට ද වක්‍ර හේතුවක් බව කොලඹ නාගරික පදික වෙළෙන්දෝ එදා අප සමග කීහ.

මහින්ද රාජපක්ෂගේ 2015 ජනවාරි 08 පරාජයත් සමඟ ඔහු තරමක් පසුබැස්සේය. සුනිල් ජයවර්ධන තම සටන අත් හළේ නැත. දේශාලන පෙරළියත් සමග ඔහු මහින්ද කහඳගම නීතිය හමුවට පැමිණවීම දක්වා කටයුතු කළේය. අවසානයේ කප්පම් චෝදනා මත මහින්ද කහඳගම අත්අඩංගුවට ගැනිණ. ඔහු රුපියල් 50 සිට 500 දක්වා පුළුල් පරාසය එක් එක් වෙළෙන්ඳාගේ හැකි නොහැකියාව මත මුදල් ලබා ගත් බව එහි දී එල්ල වූ චෝදනාවක් විය. ඔහුට විරුද්ධව පැමිණිලි කළ සහ ප්‍රකාශ ලබා දුන් පදික වෙළෙඳුන්ට ඔහු සහ ඔහුගේ  ගෝල බාලයෝ තර්ජනය කළහ. මේ තර්ජනය ට සුනිල් ජයවර්ධනත් ලක්විය.  

මේ අතර කප්පම් චෝදනා මත කහඳගම රිමාන්ඩ් භාරයට පත්විය. සමාජ මාධ්‍ය ජලා ඔහුව හැඳින්වූයේ කප්පම් කහඳේ කියාය.  මේ කලබැගෑනි වලින් පසු කුජීත වූ මහින්ද කහඳගම  තරමක් නිහඬ ජීවිතයට පිවිසුණේය. එහෙත් ඔහු තමන්ගේ වැඩපිළිවෙළට එරෙහිව පැමිණි එකම අඛණ්ඩ සතුරා ලෙස සුනිල් ජයවර්ධනව අත්හැර තිබුණේ නැත.  සුනිල්ගේ ඝාතනය සමග මහින් කහඳගම ඇතුලේ හිර වී සිටි සතා එළියට පැන්නේය.

සුනිල් ජයවර්ධන ඝාතනය වන්නේ තම ත්‍රිරෝද රථයේ වාරික හිඟය හේතුවෙන් බලහත්කාරයෙන් පවරා ගැනීමට ලක් කළ නීති විරොධී මූල්‍ය සමාගමක ගෝල බාලයන් අතිනි. මේ සම්බන්ධයෙන් ප්‍රබල මැකිය නොහැකි වීඩියේ සාක්ෂි දෙකක් මේ වනවිට අන්තර්ජාලය හරහා කෝටි ගණනික් සංසරණය වී ඇත. මෙවැනි අමානුෂික ඝාතනයක් හමුවේ තිරිසනෙකුටවත් සතුටක් ඇති වන්නේ නැත.

සාමාන්‍යයෙන් අපේ වහරේ තියෙන්නේ වනේ වන හතුරෙකුටවත්කු   මෙවැන්  විපතක් නොවන්නටය. මහින්ද කහඳගම තමන්ගේ  සැබෑ අමනුෂ්‍ය ස්වරූපය ලෝකයට පෙන්වා ඇත.

Tags: නවතම
Share79Tweet43
Previous Post

අපේ රටෙන් කලඑලි බහින මුව ආවරණ විලාසිතා

Next Post

රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයෝ වර්ජනයකට සැරසෙති…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.