සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයෝ වර්ජනයකට සැරසෙති…

විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ බලපෑම නිස  අණුක ජීව රසායනාගාර පද්ධතියේ කටයුතු අඩාල වෙලා

by editor
ජූනි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ අත්තනෝමතික බලපෑමට යටත්ව දැනට වලක්වා ඇති   අණුක ජීව රසායනාගාර පද්ධතිය පවත්වාගෙන යාමට ඉදිරියේ දී ඉඩ ලබා නොදුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්ගන්නා බව රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ (අයිඩීඒච්) ජීව රසායනාගාර පද්ධතියක් සෑදීමට වසර 3ක කාලයක සිට උත්සහ ගත්ත ද එහි සිටින විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා ඉඩ ලබා නොදුන්නේ යැයිද  හෙතෙම පැවසීය.

නොදන්නා වෛරසයක් රටකට ඇතුළු වෙන විට ඒ පිලිබඳව නිසි ලෙස පරික්ෂා කිරීම සඳහා මෙවැනි රසායනාගාරයක් තිබිය යුතු බැවින් ඉබෝලා , සාස්  වැනි වෛරසයන් පැතිර යන කාලයේදී මෙම රසායනාගාරය සෑදීම සදහා දැඩි උත්සාහයක යෙදුන ද එය ව්‍යර්ථ වුවේ යැයි හෙතෙම පැවසීය.

කොවිඩ් 19 වෛරසය මෙරටට පැමිණෙන විට දිනකට පීසීආර් පරික්ෂණ 4000ක් පමණ රසායනාගාර තාක්ෂණ වෘත්තිකයන්ට කළ හැකි බව පැසුව ද ඒ සඳහා අවස්ථාවක් ලබානොදුන්නේ යැයි රවී කුමුදේශ් මෙහිදී  පෙන්වා දුන්නේය..

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.

“. මේ වනවිට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත රට පුරා රසායනාගාර මධ්‍යස්ථාන 12ක් ක්‍රියාක්මකයි. ඒවායේ අදටත් රසායනාගාර වෛද්‍ය වෘත්තිකයින් ස්වෙච්ඡාවෙන්  කැපවී කටයුතු කරනවා. සෞඛ්‍යය අමාත්‍යංශයේ ඇතැම් පාර්ශ්වකරුවන් උත්සාහ කරනවා අපට එන පරික්ෂණ අඩුකරලා ඒවා පිටතින් කර ගන්න.

ඒ විතරක් නොවෙයි රසායනාගාරයන්ට අවශ්‍ය උපකරණයන් ගෙන්වන තාක්ෂණික ඇගයීම් කමිටුවට වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් කවදාවත් කැඳවන්නේ නැහැ. ඔවුන් ගෙන්වන උපකරණ වලින් වැඩකරන්නේ අපි. ඒවායේ වැඩ කරද්දි අපට හුඟක් අඩුපාඩු අහුවෙනවා. අපිව ඒ කමිටුවට කැඳවන්නේ නැත්තෙ ඒ අයට අවශ්‍ය දේවල් කරගන්ක් ඕන නිසයි. 

කොවිඩ් 19 වෛරසය පරික්ෂා කරන රසායනාගාර වෘත්තිකයින් එය කරන්නේ ස්වෙච්ඡාවෙන්මයි. ඔවුන් මේ දේ කරන්නේ අනෙකුත් රසායනාගාර සේවාවන් කරගෙන යන අතරමයි. පැය 24 පුරාමට කිසිම දීමනාවක්, ඉල්ලුවේ නැහැ. ප්‍රවාහන පහසුකම් ඉල්ලුවේනැහැ අතිකාල ඉල්ලුවේ නැහැ. වරප්‍රසාද ඉල්ලුවේ නැහැ. ඒත් අපි ඉල්ලන එකම දෙය තමයි දැන් රට යථා තත්ත්වයට පත් වුණාට පසුව අණුක ජීව රසායනාගාර සේවාව ලංකාව තුළ ස්ථාපිත කිරිමට දැනට පුහුණුව නිම කර සිටින වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් 100 දෙනාව බඳවා ගන්න කියලා විතරයි. මේ සඳහා අපි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැන්නුම් දී සති 3ක් වෙනවා. ඒත් තවමත් ඊට පිළිතුරක් නැහැ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ගන්නේ රසායනාගාර සේවාව පවත්වාගෙන යාමට ඉඩලබා නොදෙන පාර්ශ්වකරුවන්ගෙන්ද යන්න පිලිබඳව අපට සැකයක් මතුව තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනවා “ යැයි හෙතෙම සදහන් කළේය. 

 

Share80Tweet43
Previous Post

සුනිල් ජයවර්ධන මරා දැමූ විට මහින්ද කහඳගමට මේ තරම් සතුටු ඇයි?

Next Post

කොළඹින් පිටත් වන බස් ගමනාන්ත නියාමන වැඩපිළිවෙළක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.