ලලිත් චාමින්ද –
සුනාමියෙන් මිය ගිය දෙදහසක් පමණ මිහිදන් කළ අක්මීමණ කුරුඳුවත්ත සමූහ සුසානභූමියේ ඉදිකරන ලද සුනාමි ස්මාරකය අභියස සුනාමියෙන් මියගිය පිරිස් සමරා අද (26) පෙරවරුවේ දි සුනාමි පින්කමක් පැවැත්විණි.
සුනාමි ඛෙදවාචකය වි වසර 21ක් පිරිම නිමිත්තෙන් මෙම සැමරුම් පින්කම සංවිධානය කර තිබිණි.
සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් මෙම සුනාමි සමරු පිංකම පැවති අතර අක්මිමන ප්‍රාදේශිය සභාවේ සභාපති සුගත් ආනන්ද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය යූ. සී. පී. පෙරේරා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්වන වික්‍රමතිලක මිදිගස්පේ, ලිලානන්ද අතුකොරල, දමිත් දිල්ෂාන්, අක්මිමන සහකාර ප්‍රාදේශිය ලේකම් නයනතාරා ගුරුගේ, අක්මිමන කුරුඳුවත්ත විද්‍යා පිඨායේ පිඨාධිපති එන් . නානායක්කාර, අක්මිමන ප්‍රාදේශිය සභාවේ ලේකම් මංජුලා දහනායක සුනාමියෙන් මියගිය අය සමරා සුනාමි ස්මාරකය වෙත මල් පොකුරු තබා පුෂ්පොහාර දැක්විය.
සුනාමියෙන් මියගිය සමරා මතකවස්ත්‍ර පුජා කිරිම ද සිදුකළ අතර සුනාමියෙන් මිය ගිය දෙදහසක පමණ පිරිසක් අක්මිමන කුරුදුවත්ත ප්‍රදේශයේ දි සමුහ මිනිවලක් තුළ මිහිදන් කරණු ලැබිය.
අක්මිමන ප්‍රාදේශිය සභාව විසින් මෙම සුනාමි පිංකම සංවිධානය කරණු ලැබිය.









