ලලිත් චාමින්ද –
අද (26) දිනයේ දී සුනාමි ඛේදවචාකය සිහි කර 21 වැනි ජාතික සුරක්ෂිත දින සැමරුම සිදුකරනු ලබමින් ඇත්තේ සුනාමි හා සුළි සුළං පිළිබඳ පුර්ව දැනුම්දිම සඳහා 2009 වර්ෂයේ දි ඉදිකරණු ලැබු සුනාමි කුලුනු 77 මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති පසුබිමක බව අනාවරණය වේ.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක මේ බව සදහන් වේ.
මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු අලුත්වැඩියා කිරිම සදහා 2016 වර්ෂයේ දි රුපියල් මිලියන 134.7ක ඇස්තමේන්තු මුදලකට පුද්ගලික සමාගමක් වෙත කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී මෙන්ම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිමේ දී සහ ක්‍රියාත්මක කිරිමේ දී එළඹ තිබු ගිවිසුමට පටහැනිව කටයුතු කිරිම නිසා 2024 වර්ෂය අවසානයන වනවිටත් මෙම කුලුනු කිසිවක් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ සුනාමි හා සුළං තත්ත්වයන් සඳහා පුර්ව අනතුරු ඇඟවිමේ ක්‍රම වේදයක් ලෙස කුලුනු 77ක් 2009 වර්ෂයේ දි ඉදිකළ බවය.
දිස්ත්‍රික්ක 14ක් තුළ ස්ථාපිතකොට තිබු මෙම කුලුනු 2016 වර්ෂය වනවිට පැවතුනේ අවම ක්‍රියාකාරී මට්ටමක බවත්, ඒ හේතුවෙන් කුලුනු අලුත්වැඩියා කර නඩත්තු කටයුතු කිරීම සදහා නව ගිවිසුමක් ගිවිසගෙන ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සඳහන් කොට ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







